ශ්‍රී ලංකා ප්‍රවාහන ක්ෂේත්‍රය උඩ යටිකුරු කරමින් කරලියට ආ පළමු EV වෑන් රථ පෙළ


 ශ්‍රී ලාංකීය රථවාහන වෙළඳපොළ තුල නවතම පෙරළියක් සනිටුහන් කරමින්, Evolution සමාගමෙන් KYC නමින් අලුත්ම Electric Van රථයක් දේශීය වෙළෙඳපොළ වෙත හඳුන්වා දී තිබෙනවා.

පසුගිය බ්‍රහස්පතින්දා දේශීය වෙළෙඳපොල වෙත නිළ වශයෙන් නිකුත් කල KYC Electric වෑන් රථයක් ඔබට රුපියල් මිලියන 10.8 සිට මිලදී අවස්ථාව සලසා දී තිබේ.

මෙහි ඇති විශේෂත්වය වන්නේ සම්පුර්ණ Charge එකකින් කිලෝමීටර් 300ක දුරක් ගමන් කළ හැකිවීමයි.

මෙය V5 සහ V7 යන මාදිළි දෙකකින් දේශීය වෙළෙඳපොල වෙත නිකුත් කර තිබේ.

මෙම අලුත්ම KYC Electric වෑන් රථය ආසන 09ක් සහිත නිසා, ව්‍යාපාරික සහ පෞද්ගලික ගමන් මග සඳහා ඉතාමත්ම සුදුසුය.

මෙහි බැටරි වගකීම අවුරුදු 5ක්, පූර්ණ වාහනය සදහා වසර 03ක වගකීමක් සපයන අතර, මසකට කිලෝමීටර් 4,000ක් ගමන් කරන අයෙකුට වසරකට රු. 100,000ට වඩා ඉන්ධන හා නඩත්තු වියදම් ඉතුරු කර ගැනීමටද හැකියාව පවතී.

ඉන්ධන මිල අහස උසට යන මේ කාලය තුලදී විදුලි වාහන පරිසරයට හිතකර ගෝලීය ආර්ථිකයක් සදහා නව ගමනාගමන විසඳුමක් ලෙස ලොව පුරා ජනප්‍රිය වෙමින් පවතිනවා.

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post