හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න දිගටම සැඟවී සිටිනවා නම් ඔහුගේ දේපළ රාජසන්තක කිරීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අවධානය යොමු වී ඇති බව එහි අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වෙනවා.
ඊට අදාළව ලිපිගොනු සකස් කිරීම සහ එය ඉල්ලීමක් වශයෙන් අධිකරණයට ඉදිරිපත් කර අධිකරණ නියෝගයක් ලබා ගැනීම සඳහා කටයුතු සිදුකෙරෙමින් පවතින බවයි වාර්තා වෙන්නේ.
රාජිත සේනාරත්න අත්අඩංගුවට ගැනීමට පසුගිය දිනවලදී ඔහු සිටි ස්ථාන කිහිපයකට ගියත් ඔහු අත්අඩංගුවට ගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ.
මේ වන විට අධිකරණයෙන් ඔහුට එරෙහිව වරෙන්තුවක්ද නිකුත් කර තිබෙන නිසා ඔහු අත්අඩංගුවට ගැනීමට අදාළ පියවර ගැනීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කටයුතු කරමින් සිටින වාර්තා වෙන්නේ.
මීට පෙරද හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගැනීම සඳහා කටයුතු කරමින් සිටින අවස්ථාවේදී ඔහු දිගින් දිගටම සැඟව සිටි නිසා ඔහුගේ දේපළ ද රාජසන්තක කිරීමට ඒ අවස්ථාවේදී කටයුතු කරමින් තිබූ අතර පසුව ඔහු අධිකරණයට භාර වුණා.
Today News LK
Tags:
News