මහනුවර සෞඛ්‍ය සේවිකාවකට ගිලන් රථය තුළදී අතවරයක්


 මහනුවර දිස්ත්‍රික්කයේ රෝහලක සේවයේ නියුතු ගිලන් රථ රියැදුරෙකු විසින් එම රෝහලේම සෞඛ්‍ය කාර්ය සහායිකාවකට ලිංගික අතවරයක් සිදු කළ බවට චෝදනාවක් පැන නැගී ඇති අතර, මෙම සිදුවීම සම්බන්ධයෙන් මහනුවර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය විසින් පුළුල් විමර්ශනයක් දියත් කර තිබේ. 


අදාළ සෞඛ්‍ය කාර්ය සහායිකාව, ප්‍රාදේශීය රෝහලේ සිට ගම්පොළ රෝහල වෙත මාරු කර යවන ලද තරුණියක් සමග ගිලන් රථයෙන් ගොස් ඇති බවත්, රෝගී තරුණිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව නැවත පැමිණෙමින් සිටියදී ගිලන් රථ රියැදුරු විසින් පාළු ස්ථානයකදී ඇයට මෙම අතවරය සිදු කර ඇති බවත් මූලික පරීක්ෂණ මගින් හෙළිදරව් වී ඇත.


මෙම සිදුවීමෙන් පසුව අදාළ සෞඛ්‍ය කාර්ය සහායිකාව විසින් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර නොතිබුණු අතර,


ඊට හේතු වී ඇත්තේ ගිලන් රථ රියැදුරු විසින් ඇයට එල්ල කරන ලද තර්ජන බවට තොරතුරු වාර්තා වේ.


කෙසේ වෙතත්, මෙම සිදුවීම සම්බන්ධයෙන් දෙපාර්තමේන්තු මට්ටමින් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව මහනුවර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, වෛද්‍ය සේනක තලගල මහතා තහවුරු කළේය.


මේ අතර, පසුව අදාළ සෞඛ්‍ය කාර්ය සහායිකාව විසින් ඊයේ (අගෝ. 14) දින පුපුරැස්ස පොලිස් ස්ථානය වෙත ගොස් සිද්ධිය සම්බන්ධයෙන් නිල පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.


එම පැමිණිල්ලට අනුව විමර්ශන කටයුතු ආරම්භ කළ පුපුරැස්ස පොලිසිය, අතවරයට ලක්වූ බව කියන කාන්තාව වෛද්‍ය පරීක්ෂණයක් සඳහා ගම්පොළ රෝහල වෙත යොමු කිරීමට පියවර ගෙන ඇති බව ප්‍රකාශ කළේය.


Gossip Lanka News

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post