පාසල් සිසුවියක් ඇතුළු දෙදෙනෙකුට දිවි අහිමි කළ මාරක අනතුර


 හොරොව්පතාන - කහටගස්දිගිලිය ප්‍රධාන මාර්ගයේ ඇලයාපත්තුව ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පාසල් සිසුවියක් ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

අද (28) දහවල්  මෙම මාරක රිය අනතුර සිදුවූ බව "අද දෙරණ" වාර්තාකරු පැවසීය.

වව්නියාව සිට අනුරාධපුර දෙසට වීදුරු ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් රියදුරුට නින්ද යාම හේතුවෙන් මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ පාලමක ආරක්ෂිත වැටෙහි ගැටී මෙම අනතුර සිදුව තිබුණි.

අදාළ අනතුරින් පාසල් අවසන් වී නිවස බලා යමින් 10 හැවිරිදි හැවිරිදි පාසල් සිසුවියක් සහ 27 හැවිරිදි පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්විය.

27 හැවිරිදි පුද්ගලයා ලොරි රථයේ රිය සහායක ලෙස කටයුතු කල පුද්ගලයා බව වාර්තා වෙයි.

ලොරි රථයේ ගමන්කළ රියදුරු හා තවත් පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා හොරොව්පතාන රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහල වෙත රැගෙන ගිය බව රෝහල් ප්‍රකාශකයෙකු පැවැසීය.

මියගිය සිසුවියගේ හා රියදුරු සහායකගේ මෘත ශරීර හොරොව්පතාන රෝහලේ තැන්පත් කර ඇති අතර හොරොව්පතාන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.


Ada Derana News 

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post