ඉන්ධන මිල අඩුකරන්න බැරි හේතුව මෙන්න


 හිටපු රජය විසින් අත්සන් කරන ලද ගිවිසුම් හේතුවෙන් ඉන්ධන මිල අඩු කිරීමේ හැකියාවක් නොමැති බව බලශක්ති අමාත්‍ය, කුමාර ජයකොඩි මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරනු ලැබුවා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රී කින්ස් නෙල්සන් මහතා විසින් මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ය.


ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිවරයා විසින් දැනුම් දී ඇති පරිදි, ඉන්ධන මිල අඩු කිරීමක් සිදු කළහොත් අදාළ සමාගම් වෙත වන්දි ගෙවීමට සිදුවන බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.


අමාත්‍ය ජයකොඩි මහතා වැඩිදුරටත් කියා සිටියේ, මෙම ගිවිසුම් අත්සන් කර ඇත්තේ ඉන්දියන් ඔයිල් සමාගම, ආර් එම් පාක් පුද්ගලික සමාගම සහ සිනොපෙක් එනර්ජි ලංකා පුද්ගලික සමාගම සමග බවයි.


✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post