රුසියාව ඊයේ (27) රාත්‍රියේ යුක්‍රේනයේ කියෙව් අගනුවර වෙත දැවැන්ත ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර
මාලාවක් එල්ල කර තිබේ.
එම ප්‍රහාර වලින් දරුවෙකු ඇතුළුව පුද්ගලයින් 10 දෙනෙකු මිය ගොස් තවත් 38කට වැඩි පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වෙයි.
ප්‍රහාරය සඳහා ඩ්‍රෝන 600කට ආසන්න සංඛ්‍යාවක් සහ බැලිස්ටික් හා කෘෘස් මිසයිල 30කට අධික සංඛ්‍යාවක් යොදා ගෙන තිබූ නමුත් ඉන් බහුතරයක් විනාශ කිරීමට හැකිවූ බව යුක්‍රේන ගුවන් හමුදාව පවසයි.
පසුගිය ජූලි 31වැනිදාට පසු යුක්‍රේනයට එල්ල වූ විශාලතම ප්‍රහාරය මෙය බව වාර්තා වෙයි.
Ada Derana News
Redirecting in a moment...
Tags:
News