වැටුප් නොගෙවුවහොත් තැපැල්පතිවරයාට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත් තමන් මෙම වර්ජනය අත්හිටුවීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බවත් තැපැල් වෘත්තීය සමිති නියෝජිතයෝ ‘මව්බිම’ පුවත්පතට ප්‍රකාශ කර තිබෙනවා.
මේ අතර, තමන් වර්ජනය අත්හළ බවට සමාජ මාධ්‍යවල සැරිසරන ලිපිය ව්‍යාජව අත්සන් යොදා සැකසූවක් බවත් ඒ සම්බන්ධයෙන් ද නීතිමය පියවර ගන්නා බවත් තැපැල් වෘත්තීය සමිති නියෝජිතයෝ ප්‍රකාශ කළහ.
තැපැල් සේවක ඉල්ලීම් 19ට සාධාරණ හා යුක්තිසහගත විසඳුමක් ලැබෙන තෙක් වැඩ වර්ජනය අඛණ්ඩව සිදුකරන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර පැවසීය.
✅✅✅✅✅✅
Redirecting in a moment...
Tags:
News