විදෙස්ගත බිරිය මෙරටට ගෙන්වා දෙන ලෙස ඉල්ලා පෙරේදා (20) උදෑසන කැලණිය තොරණ හන්දියේ ආලෝක විදුලි පහන් කණුවකට ගොඩ වූ පුද්ගලයකු පෑලියගොඩ පොලීසියේ නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් නිරුපද්‍රිතව බිමට බස්සවා ගෙන ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු ඊයේ (21) කොළඹ අලුත්කඩේ අංක 5 අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇත.
මහජන පීඩාවක් ඇති කිරීමේ චෝදනාව මත මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එඬේරමුල්ල ප්‍රදේශයේ පදිංචි මොහිදින් මොහොමඩ් සාෆි නමැති 45 හැවිරිදි විවාහකයෙකි.
මේ පුද්ගලයාගේ බිරිය මීට වසර හයකට පෙර සවුදි අරාබියේ සේවයට ගොස් ඇති අතර ඔහු දැඩිව අයිස් මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහිවූවකු යැයි පොලීසිය අනාවරණය කරගෙන ඇත.
තිදරු පියකු වන සැකකරුගේ දරුවන් බිරියගේ නැඟණියගේ නිවෙසේ ජීවත්වන බවත් සැමියා අයිස් මත්ද්‍රව්‍ය පානයට ලොල්වීම හේතුවෙන් පවුලේ සමඟියට බාධාවක් වී ඇති බවත් පොලිස් වාර්තා පෙන්වා දී ඇත. සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මානසික වෛද්‍යවරයෙක් වෙත යොමු කිරීමට නියමිත යැයි විමර්ශන කරන පෑලියගොඩ පොලීසියේ උසස් නිලධාරියකුගෙන් කළ විමසීමේදී පැවසීය.
✅✅✅✅✅✅✅✅
Redirecting in a moment...
Tags:
News