අධිකරණ භූමියේ ආරක්ෂාව තර කරයි! හිටපු ජනපති බලන්න දේශපාලඥයින් ඇතුළු විශාල පිරිසක් අධිකරණ භූමියට


 අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන ඒමත් සමග හිටපු දේශපාලඥයින් කිහිපදෙනෙකු ද අධිකරණ භූමියට පැමිණ තිබේ.


එමෙන්ම හිටපු ජනාධිපතිවරයාට සහය දක්වන පාක්ෂිකයින් විශාල පිරිසක් ද මේ වනවිට අධිකරණ භූමියට රැස්ව සිටී.

රනිල් වික්‍රමසිංහ මහතාව අධිකරණය වෙත රැගෙන ඒමත් සමඟ එම භූමියේ ආරක්ෂාව දැඩි කර තිබේ.


හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (22) දහවල් අත්අඩංගුවට ගනු ලැබීය.


ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඒ මහතා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අවස්ථාවේ දීය.



✅✅✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post