10000 Views

ශලනි තාරකා, පුංචි තිරයේ කාගේත් කතාබහට ලක්වෙන චරිතයක්.. ඇගේ රංගනය හරිම සියුම්..
ඒ වගේමයි ඇගේ රංගනය මොන තරම් කාලයක් ගියත් රසිකයින්ගේ හිත් තුළ ලැගුම් ගන්නවා..
කොහොම වුණත් ශලනි තාරකා කියන මේ ජනප්‍රිය චරිතය ගැන සමාජමාධ්‍ය හරහා පසුගිය දවස්වල අහන්න දකින්න ලැබුණේ වෙනස් විදිහේ කතා..

ඉතින් ලංකාවේ වගේම කැනඩාවෙත් ජීවිත්වෙන ඇය මේ පැතිරයන කතා ගැන කිව්වේ මෙන්න මේ වගේ වෙනස් කතාවක්..
ශලාගේ මෑත කාලයේ චරිත තෝරා ගැනීම එකිනෙකට හරි වෙනස්, ඒ ගැන කිව්වොත්?
පහුගිය කාලයට වඩා මෑත කාලයේ මම විශේෂයෙන්ම චරිත තෝරා බේරා ගැනීමක් කරනවා. ඒ මම ලංකාවේ ජීවත් වෙන්නේ නැති නිසා. මම ඇවිත් වැඩ කරද්දී මම තෝරා ගන්නේ මට අවශ්‍යම හා ඒ හරහා මට ලොකු දෙයක් කරන්න පුළුවන් විදියේ චරිත පමණයි.
ඉදිරියට එන්න තියෙන පුංචිතිරේ නිර්මාණ මොනවාද?
රූගත කරන්න නියමිත වෙනස් ආකාරයේ චරිත නිරුපනයන් සහිත නිර්මාණ කිහිපයක් තියෙනවා. අපි ඒ ඒ නිර්මාණ විකාශය වෙන කාලයේ දී ඒ ගැන කතා කරමු.
මේ කාලයේ සිනමා නිර්මාණවලට වැඩි ඉඩක් දෙන්න අවස්ථාව ලැබුණා නේද?
පහුගිය කාලයේ සිනමාව වෙනුවෙන් කාලය වැය කරන්න මට බැරි වුණා. කොරෝනා කාලයෙන් පස්සේ මම රොහාන් පෙරේරාගේ සීගිරි කියන චිත්‍රපටය කළා. තාමත් ඒ චිත්‍රපටය ඇවිත් නැහැ. ඊට පස්සේ මේ අවුරුද්දේ මම චිත්‍රපට දෙකකට දායක වුණා. එකක් ක්‍රිස් ඇන්තනිගේ ‘අන්ලොක්‘ චිත්‍රපටයට සහ ශාන් ජයරත්නගේ ‘සරා සුසුම්‘ කියන චිත්‍රපටයට. එකිනෙකට වෙනස් මාතෘකා දෙකක් ඔස්සේ යන ලස්සන සිනමා නිර්මාණ දෙකක්. ඉදිරියේදී ප්‍රේක්ෂකයින්ට මේ නිර්මාණ දකින්න ලැබෙයි.
ඉදිරියට පුංචිතිරේට වඩා සිනමාවට වැඩි ඉඩක් වෙන්වෙයිද ?
දැන් මම ගත කරන ජීවිතය එක්ක සහ දැන් මට තියෙන කාලය එක්ක පුංචිතිරේට වඩා සිනමාවට වැඩි ඉඩක් දෙන්න පුළුවන්. හේතුව සිනමා නිර්මාණයක රූගත කිරීම් එක දිගට කරලා අවසන් වන නිසා. දීර්ඝ ටෙලි නාට්‍යයවලට නම් කොහොමත් සම්බන්ධ වෙන්න ලැබෙන්නේ නැහැ. කෙටි ටෙලි නාට්‍යයවලට නම් ඉදිරියේදීත් සහභාගි වෙන්න ඉඩ තියෙන නිසා වැඩි ඉඩක් සිනමාවටම දෙනවා කියන එකට වඩා මට යමක් කළ හැකි චරිතයක් නම් ඒ ඔස්සේ මම ප්‍රේක්ෂකයින් අතරට එන්න තියෙන ඉඩ කඩ තමයි වැඩි.
ආයෙමත් අලුතින් ගීත ලිවුවෙ නැද්ද?
නැහැ. ඇත්තෙන්ම ආයෙම මට අලුතින් ගීතයක් ලියන්න නම් බැරි වුණා.
කෙටි චිත්‍රපට අධ්‍යක්ෂණයකුත් කළා නේද, ඒ පැත්තෙන් ඉදිරියට මොනවාද තව කරන්න ඉන්නෙ?
කෙටි චිත්‍රපට අධ්‍යක්ෂණය කළේ ඇත්තටම ආසාවට සහ ඒ අත්දැකීමත් ගන්න. ඊට පස්සේ මට තව නිර්මාණ කරන්න කාලය ලැබුණේ නැහැ. සමහරවිට ඉදිරියේදී නැවත නිර්මාණයක් කරන්නත් ඉඩ තියෙනවා.
ආදරණීය සැමියා ඔබ රඟපාන නිර්මාණ බලනවද?
සමහර නිර්මාණ නම් බලනවා. එයාගේ තියෙන කාර්යබහුල ජිවන රටාව එක්ක නාට්‍යය බලන්න වෙලාවකුත් නැහැ. මම ඉතින් කොහොමත් මගේ නිර්මාණ බලන්න කියලා එයාව පොළඹවන්නේත් නැහැ එයාම කැමැත්තෙන් බැලුවොත් මිසක.
කලාව එක්කම කාර්යබහුල වෙලා හිටි ශලා දැන් කැනඩාවේ ගත කරන ජීවිතය කොහොමද?
කැනඩාවේ දී මම සාමාන්‍ය ගෘහිනියක් විදියට ජීවත් වෙනවා. ඉඩක් ලැබුණු වෙලාවට එළියට ගිහින් ඒ රටේ තියෙන දේවල් බලන්න යනවා. ගෙදරට වෙලා කාලය ගත කරද්දී මම මගේ ඉදිරි නිර්මාණ කටයුතු ගැන හොයලා බලනවා. ඒ හැර විශේෂ දෙයක් නැහැ.
සමාජ මාධ්‍ය තුළ නම් ඔබ මවු පදවියට සූදානම් වෙන කතාවකුත් තිබ්බා?
ඔව්… එහෙම කතාවකුත් සමාජ මාධ්‍ය තුළ පැතිර යනවා මමත් දැක්කා. සමහර අය AI තාක්ෂණයෙන් බඩකුත් හදලා දාලා තිබ්බා. නමුත් තවම එහෙම සුදානමක් නැහැ. මම විශ්වාස කරන්නේ ඒ දේවල් හරි වෙලාවට සිද්ධ වෙයි කියලා.
ලංකාවේ ඉන්න ද කැනඩාවේ ඉන්න ද ශලා කැමති?
එහෙම කියන්න බැහැ. ලංකාව කියන්නේ මගේ උපන් රට. කොහේ ගියත් මට මගේ රට මතක් වෙනවා. කැනඩාවේ දැනට මම ජීවත් වෙනවා. පුළුවන් හැම වෙලාවකම මම ලංකාවට ඇවිත් යන්න එනවා.
ජීවිතයට අභියෝග එද්දි ඒ අභියෝගවලට ශක්තිමත්ව මුහුණ දෙන්න ශලා පුරුදු වුණේ කොහොමද?
ඒක මට මෙහෙමයි කියලා පැහැදිලි කරන්න අමාරුයි. කතාවකුත් තියෙනවානේ තැළෙන්න තැලෙන්න යකඩයක් වුණත් මුවහත් වෙනවා කියලා. ඒ වගේ තමයි ඕනෙම කෙනෙක්ගේ ජීවිතේට ප්‍රශ්න අභියෝග එන්න පුළුවන්. ඒ තැන්වලදී ඒ හැම දෙයක් ගැනම සුබවාදී විදියට හිතලා ඒ ලැබෙන්නේ ජිවිතේට තවත් එක පාඩමක් කියලා හිතලා තමයි මම එන හැම තැනකදීම මුහුණ දුන්නේ.
අනාගත බලාපොරොත්තු මොනවාද?
ලොකු ලොකු බලාපොරොත්තු නම් නැහැ. කලාව පැත්තෙන් නම් හොඳ නිර්මාණ ටිකක් කරන්න බලාපොරොත්තු තියෙනවා. ඒ වගේම හැංඟිණු දක්ෂතා තියෙන අපි අතර ඉන්න කලාකරුවන්ව ඔප මට්ටම් කරන්න පුළුවන් දෙයක් නිර්මාණ තුළින් කරන්න පුළුවන් නම් ඒ දේ කරන එක තමයි මගේ ඊළඟ පියවර විදියට තියෙන්නේ. ඒ දේ මේ දවස්වල විකාශය වන වීදුරු තිර නාට්‍යය තුළින් පේනවා ඇති. සමහර චරිතවලට කොටු වෙලා හිටිය දක්ෂයින් ටිකක් එළියට ගන්න අපිට හැකි වුණා. ඉදිරියේදීත් එවැනි වෙනස්ම ආකාරයේ නිර්මාණ කිහිපයක් කරන්න අදහසක් තියෙනවා.

Redirecting in a moment...
Tags:
News