සූරියවැව වෙඩි හුවමාරුව ගැන තවත් තොරතුරු


 සූරියවැවදී අද (22) උදෑසන පොලිස් විශේෂ කාර්ය බළකායට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කර පලායෑමට උත්සාහ කළ පුද්ගලයෙක් එහිදී සිදුවූ වෙඩි හුවමාරුවකදී ජීවිතක්ෂයට පත්විය.

මියගිය තැනැත්තා මග්ගොන ප්‍රදේශයේ පදිංචි දොන් කෝසල හෙවත් බේරුවල කෝසල නැමැත්තෙකි.

ඔහු පසුගිය ජූලි 31 වනදා කොස්ගොඩ කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානයක් තුළදී එහි හිමිකරුගේ පුත්‍රයා වන අරුණ මෙන්ඩිස් නැමැත්තාට වෙඩිතබා ඝාතනය කළ වෙඩික්කරු බවට පොලීසිය සැකකරයි.

ඔහු පිළිබඳ ලද තොරතුරකට අනුව ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය හා පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් සැකකරු අත්අඩංගුවට ගැනීමට හම්බන්තොට සූරියවැව වැවේගම කැලෑබද ප්‍රදේශයකට ගොස් තිබුණි.

අද අලුයම 5ට පමණ වැටලීම සිදුකර ඇති අතර එහිදී ඔහු පොලිස් නිලධාරීන්ට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ බව පොලීසිය සඳහන් කළේය.

එහිදී පොලිස් නිලධාරීන් සිදුකළ වෙඩි තැබීමේදී සැකකරු ජීවිතක්ෂයට පත්විය.

එම අවස්ථාවේදී පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරියෙකු ද තුවාල ලබා ඇති බව පොලීසිය සඳහන් කළේය.


✅✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post