විමල් වීරවංශ ඇතුළු පක්ෂ නායකයන් හයකගේ විශ්‍රාම වැටුප කැපෙයි


 මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීමට රජය ගෙන ඇති තීරණය හේතුවෙන් පක්ෂ නායකයන් හය දෙනෙකුටත් මන්ත්‍රී විශ්‍රාම වැටුප අහිමිවන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසනවා.


ඒ අනුව විමල් වීරවංශ, ඩිව් ගුණසේකර, තිස්ස විතාරණ සහ වාසුදේව නානායක්කාර ඇතුළු පක්ෂ නායකයන් හය දෙනෙකුගේ විශ්‍රාම වැටුප මෙසේ අහිමිවන බවයි වාර්තා වන්නේ.


මේ අතර විශ්‍රාම වැටුප අහිමිවන හිටපු මන්ත්‍රීවරුන් සහ හිටපු මන්ත්‍රීවරුන්ගේ වැන්දඹුවන් සංඛ්‍යාව 499ක් බව විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ එකමුතුවේ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමසිරි මානගේ මහතා පවසනවා.


හිටපු මන්ත්‍රීවරුන්ගේ වැන්දඹුවන් එකසිය පනහකට ආසන්න සංඛ්‍යාවක් විශ්‍රාම වැටුප ලබන බව ඔහු ප්‍රකාශ කළේය.


මේ අතර ලොහාන් රත්වත්තේ මහතා අභාවප්‍රාප්ත වීම හේතුවෙන් ඔහුගේ බිරිඳට එම විශ්‍රාම වැටුප හිමිවන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.



Ada Derana News

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post