ඔබේ දරුවා මානසිකව සුවෙන් ද?: 'අතපය නොකඩා හදන' දරුවෙකුගේ හිත නොකැඩෙන්න කළ යුත්තේ කුමක් ද?


 "අතක්, පයක් නොකඩා සිරීමක්වක් වෙන්න නොදී ඇස් දෙක වගේ ආරක්ෂා කරගෙන අපි ළමයි හැදුවේ" බොහෝ ලාංකික දෙමව්පියන් තම දරුවන් කෙරෙහි ඇති ආදරය, සෙනෙහස එසේ වචනවලට පෙරළන අවස්ථා විරල නොවේ.

අව්වෙන්, වැස්සෙන් පවා ආරක්ෂා කරමින් සුළු අනතුරක් හෝ සිදුවීමට ඇති අවස්ථා වළකාලමින් දෙමාපියන් තම දරුවන් ප්‍රවේශම් කරන්නේ ඔවුන් කායික වශයෙන් ආරක්ෂා කිරීමේ අරමුණිනි.

දරුවන්ට එලෙස ආදරය, රැකවරණය ලබා දෙන මව්පියන් සිය දරුවන් කායිකව ආරක්ෂා කර ගැනීමට දක්වන අවධානය දරුවන්ගේ මානසික සෞඛ්‍යය සම්බන්ධයෙන් දක්වන්නේ ද? යන්න ගැටලුසහගත ය.

පසුගිය කාලයේ සියදිවි හානි කර ගන්නා ලද ඇතැම් දරුවන් අයහපත් මානසික සෞඛ්‍යයකින් පසුවූ බව ඔවුන්ගේ මව්පියන් දැන ගන්නා විට සියල්ල සිදුවී හමාර ය.

මෙවන් වටපිටාවක සෞඛ්‍ය අමාත්‍යංශය විසින් 2024 වසරේදී මෙරට පාසල් ආශ්‍රිතව කරන ලද සෞඛ්‍ය සමීක්ෂණයකින් මෙරට දරුවන්ගේ මානසික සෞඛ්‍ය ගැටලු පිළිබඳ තොරතුරු රැසක් අනාවරණය කරගෙන තිබිණි.


BBC NEWS


Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post