ලෝකයේ පැරණි ම සිතියමක් බවට අනුමාන කෙරෙන පෞරාණික වශයෙන් ඉතා වැදගත්කමකින් යුත් අනුරාධපුර රන්මසු උයනේ පිහිටා ඇති 'විශ්ව චක්‍රය' මේ වන විට මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් විනාශ වෙමින් යන බවට අනුරාධපුර සිරි සුව අරණේ විහාරාධිපති පූජ්‍ය ගලෙන්බිදුණුවැවේ සෝමරතන හිමියෝ පවසති.
උන්වහන්සේ ඉකුත් දා රන්මසු උයනේ ඇති 'විශ්ව චක්‍රයට' කර ඇති හානිය පිළිබඳව සොයා බැලීම සඳහා එම ස්ථානයට වැඩම කරන ලද අවස්ථාවේ මේ බව පැවසීය.
උන්වහන්සේ කළ දැනුම් දීමක් අනුව අනුරාධපුර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂක R.G. ජයතිලකගේ විශේෂ උපදෙස් මත පුරාවිද්‍යා නිලධාරිනියක එම ස්ථානයට පැමිණි අතර ඇය විසින් 'විශ්ව චක්‍රයේ' පවිත්‍ර කිරීමට පියවර ගනු ලැබීය.
විහාරාධිපති හිමියන් පවසන්නේ, 'විශ්ව චක්‍රය' නමැති මෙම පෞරාණික උරුමය රැක ගැනීම සියලු ම දෙනාගේ වගකීමක් බවත් මෙය ආරක්ෂා කිරීම සඳහා ආරක්ෂක වැටක් ඉදි කරන්නේ නම් ඒ සඳහා දායකත්වය ලබා දීමට තමන් වහන්සේ සූදානම් බවත් ය.
අක්කර හතළිහක පමණ බිම්කඩක් ආවරණය කෙරෙන 'රන්මසු උයන' නම් පෞරාණික නාගරික උද්‍යානය බෞද්ධ විහාර තුනකින් වටවී විශ්වයේ රහස් හෙළි කරනු ලබන්නේ යයි පැවසෙන සිතියමක සටහනක් ලෙස සැලකෙයි.
Redirecting in a moment...
Tags:
News

