සුදු පිටියක් වටලා කාන්තාවන් 11ක් ඇතුළු 15ක් අල්ලයි


 ලුනාව ප්‍රදේශයේ සුදු පිටියක් පවත්වාගෙන ගිය බව කියන කාන්තාවන්  11 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් හතරදෙනෙකු අත්අඩංගුවට ගත් බව අඟුලාන පොලිසිය පැවසීය.

ලැබුණ තොරතුරකට අනුව එම වැටලීම සිදුකර ඇති අතර ප්‍රදේශවාසීන්ට කරදරකාරි වන ලෙස එම සුදු පිටිය පවත්වාගෙනගොස් ඇති බව පොලිසිය පැවසීය.

එම සැකකාර කණ්ඩායමේ ඇතමුන් සුදු පිටිය සිය රැකියාව ලෙස කරගෙනගොස්  ඇති බව පොලිසිය පැවසීය.

උදෑසන සිට රාත්‍රිය දක්වා ක්‍රියාත්මකව පවතින මෙම සූදු පිටියේ මුදල් පොලියට දීමට පවා කණ්ඩායම් සිටින බව සඳහන් කරන පොලිසිය සූදු පිටිය ප්‍රදේශවාසීන්ට දැඩි හිංසාකාරී ලෙස පවතින්නක් බව පැවසීය.

 අත්අඩංගුවට පත් සැකකාරියන් මොරටුව ලුනාව සහ අගුලාන ප්‍රදේශයන්හි පදිංචිකාරියන් බව සඳහන් කරන පොලිසි සැකකරුවන් රැකියාවක් නොකරන ලුනාව ප්‍රදේශයේම පදිංචිකරුවන් බව පැවසීය.



✅✅✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post