අහු­ලා­ගත් අත්බෝ­ම්බ­ය සමග සෙල්ලම් කළ දරු­ තිදෙ­නාගේ ජීවිත නූලෙන් බේරෙයි

 දරු­වන් තිදෙනාගෙන් දෙදෙනෙක්

දරු­වන්ගේ දිවි ගැලවූ සීයා සිරි­පාල සෙන­වි­රත්න

දරු­වන්ගේ දිවි ගැලවූ සීයා සිරි­පාල
සෙන­වි­රත්න

අත් බෝම්බය

අත් බෝම්බය

වැවට විසි­කර තිබූ අත්බෝ­ම්බ­යක් කුඩා දරු­වන් තිදෙ­නෙකු අහුලා ගනි­මින් එහි කෑලි ඉවත් කර කුමක්ද යන්න පරීක්ෂා කර­මින් සිටි­යදී සීයා එය දැක දරු­වන්ගේ දිවි ගල­වා­ගත් පුව­තක් මැද­ව­ච්චිය පොලිස් වසමේ අඟු­නො­චි­චය, පළු­ක­ඳ­වැව ගම්මා­න­යෙන් වාර්තා වෙයි. මෙලෙස අන­තු­රට පත් නොවී දිවි ගල­වා­ගෙන ඇත්තේ පළු­ක­ඳ­වැව ගම්මා­නයේ පදිංචි අනු­රා­ධ­පුර මැදි මහ විදු­හලේ 6 ශ්‍රේණියේ ඉගෙ­නුම ලබන 11 හැවි­රිදි සශේන් අභි­සේත් රත්නා­යක, බාල සොහො­යුරා වූ ශෙනෝත් අභි­ලාස් රත්නා­යක නමැති වයස අවු­රුදු දෙක­හ­මා­රක කුඩා දරුවා සහ අනු­රා­ධ­පුර නිව­ත්ත­ක­චේ­තිය විදු­හලේ අධ්‍යා­ප­නය ලබන 16 හැවි­රිදි 12 වැනි ශ්‍රේණියේ ඉගෙ­නුම ලබන දැහැමි ජන­න්දනා රූප­සිංහ නමැති දරු­වන් තිදෙ­නාය. පසු­ගි­යදා (05) සවස මැද­ව­ච්චිය ප්‍රාදේ­ශීය ලේකම් බල ප්‍රදේ­ශයේ තුලාන අංක 70 අඟු­නො­චි­චයේ පිහිටි පළු­ක­ඳ­වැව ගම්මා­නයේ වැවට යාබ­දව ඇති වෙල්යාය කිසි­යම් පිරි­සක් විසින් ගිනි තබා ඇත. එම ගිනි ගැනීම හේතු­වෙන් පිඹු­රකු පිලිස්සී සිටිනු දැක ගම්වා­සීන් එය බැලී­මට වැවට ආස­න්නව පිහිටි වෙල්යා­යට ගොස් ඇත. මේ දරු­වන් තිදෙ­නාද ඒ ස්ථාන­යට තම සීයා සමඟ ඒ මොහොතේ ගොස් ඇති අතර එහි සිටි වයස අවු­රුදු දෙක­හ­මා­රක් වය­සැති කුඩා පිරිමි දරුවා වැව දෙසට දිව­ගොස් ඇත. මල්ලිව රැගෙන ඒමට වැව දෙසට දිව­ගිය 11 හැවි­රිදි සශේන් අභි­සේත් රත්නා­යක නමැති වැඩි­ම­හල් දරුවා ද පැමි­ණී­මට ප්‍රමාද වීම හේතු­වෙන් දෙදෙ­නාම රැගෙන ඒමට 16 හැවි­රිදි දැහැමි ජන­න්දනා රූප­සිංහ නමැති ඥාති දිය­ණිය ගොස් ඇත. අන­තු­රුව තිදෙ­නාම ප්‍රමාද වීමත් සමඟ සීයා ඒ දෙසට ගොස් ඇති අතර ඒ වන විට දරු­වන් මේ අත් බෝම්බය රැගෙන සෙල්ලම් කර­මින් සිටිනු දැක ඇත. සීයා එය දුටු විගස කෑ ගසා දරු­වන්ට එය වීසි කරන ලෙස දන්වා ඇති අතර ඒ මොහොතේ දරු­වන් එය ඉවත දමා ඇත. අන­තු­රුව අත්බෝ­ම්බය හමු වූ ස්ථානය පිළි­බ­ඳව දරු­ව­න්ගෙන් විමසා බැලී­මේදී වැව් ඉවු­රට ආස­න්නව ජලයේ ගෑවී නොගෑවී තිබෙන අයු­රින් මේ ජීව අත් බෝම්බය තිබූ බවත් එය බෝම්බ­යක් බව නොදන්නා දරු­ව­න්ගෙන් වැඩි­ම­හල් පිරිමි දරුවා වූ 11 හැවි­රිදි සශේන් අභි­සේත් රත්නා­යක නමැති දරුවා අතට ගෙන පරීක්ෂා කර බලා ඇති බවත් පවසා ඇත. ඔවුන් එය වතුර මෝට­ර­ය­කට සවි කරන ෆුට් වෑල් එක­ක්යැයි සිතා ගලක ගසා ආව­ර­ණය ඉවත් කර එහි තිබූ පින් එක ඇද ඇති අතර එම පින් එක ඉවත් කර­ගැ­නී­මට පෙර මේ දරු­වන්ගේ සීයා වූ සිරි­පාල සෙනෙ­වි­රත්න මහතා දුටු බව ද දරු­වන් පවසා ඇත. අන­තු­රුව සීයා දරු­වන් තිදෙ­නාම ආර­ක්ෂිත ස්ථාන­ය­කට ගෙන ගොස් ඇත.

සීයා ගම්වා­සීන් දැනු­ම්වත් කර මැද­ව­ච්චිය පොලිස් ස්ථානා­ධි­පති ඒ.ඒ.කේ.එස්. අධි­කාරි මහ­තාට දන්වා ඇත. ඒ මොහො­තේම ස්ථානා­ධි­ප­ති­ව­රයා ප්‍රමුඛ පොලිස් කණ්ඩා­ය­මක් පැමිණ මේ අත්බෝ­ම්බය සිය භාර­යට ගෙන ඇත. මූලික පරී­ක්ෂ­ණ­ව­ලදී අත්බෝ­ම්බය මීට දින කීප­ය­කට පෙර විසි කර ඇති බව අනා­ව­ර­ණය වූ බවත් දරු­වන් අතේ මේ අගාස් වර්ගයේ අත් බෝම්බය පිපි­රීමේ සම්භා­වි­තා­වට වැඩි ඉඩ­ක­ඩක් තිබුණු බවත් අප කළ විම­සී­මේදී පොලී­සිය ප්‍රකාශ කළේය.

වැඩි­දුර පරී­ක්ෂණ මැද­ව­ච්චිය පොලී­සිය සිදු කරයි.

ඡායා­රූප – කැබි­ති­ගො­ල්ලෑව සමූහ – එස්.ජී. උබේ­පාල




✅✅✅✅✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post