ඉදිරි පැය 24 අවදානම්.. කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්.!


 දිවයිනේ ප්‍රදේශ රැසකට ඉදිරියේදී තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මධ්‍යම කඳුකරයේ බටහිර ප්‍රදේශවලත් උතුර, උතුරු මැද, වයඹ, මධ්‍යම පළාත් වලත්, හම්බන්තොට සහ ත‍්‍රිකුණාමලය දිස්ත‍්‍රික්කවලත් විටින් විට පැයට කිලෝමීටර් 30-40ත් අතර වේගයෙන් තද සුළං ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයේ සුළගේ වේගය පැයට කිලෝමීටර් 55 සිට 65 දක්වා වැඩි විය හැකි බවත් එනිසා බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කිරීමේදී මේ පිළිබඳව දැඩි අවධානයක් යොමු කරන ලෙස ධීවර හා නාවික ප්‍රජාවට එම දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

✅✅✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post