උපාධි අපේක්ෂාවෙන් සිටින කෙදිනක් හෝ විශ්වවිද්‍යාල වරම් හිමි කර ගැනීමට සිහින දකින්නන්ට රජය විසින් අලුත් වැඩපිළිවෙලක් ආරම්බ කර තිබේ.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව (UGC) විසින් ආබාධිත සිසුන් විශ්වවිද්‍යාල සඳහා බඳවා ගැනීමට අදාළ ප්‍රතිපත්තියේ කෙටුම්පත මේ වන විට සකස් කොට අවසන්ව ඇතැයි පවසා සිටියා
ඒ අනුව පාර්ලිමේන්තුවේදී පැවැති උසස් අධ්‍යාපන අංශය පිළිබඳ අනු කාරක සභාව සහ විශ්වවිද්‍යාල උපකුලපතිවරු අතර සාකච්ඡාවකදී කොමිෂන් සභාව විසින් මේ බව සඳහන් කර තිබෙනවා.
එපමණක් නොව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ විශ්වවිද්‍යාලවලට සම්බන්ධ තවත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන්ද මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කෙරුණු බවයි.
ජාතික මට්ටමේ ජයග්‍රහණ ලබාගන්නා සිසුන්ටත්..
එමෙන්ම බාහිර උපාධි ලබාගන්නා උපාධිධාරීන් රැකියා වෙළඳපොළ තුළ ස්ථානගතවීම සම්බන්ධයෙන්ද, බාහිර උපාධිවල ගුණාත්මකභාවය මෙන්ම ඒවායේ තත්ත්වය ගුණාත්මක ආකාරයෙන් පවත්වාගෙන යාම වෙනුවෙන් අවශ්‍ය ඉදිරි පියවර ගැනීමටද මෙහිදී පුළුල් වශයෙන් සාකච්ඡා වී තිබෙනවා.
ඊට අමතර, ජාතික මට්ටමේ ජයග්‍රහණ ලබාගන්නා සිසුන් සඳහා විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබාදීමට වැඩපිළිවෙළක් සකස් කිරීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරුණු බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ
✅✅
