කළුතර ප්‍රදේශයේ අද (17) පැවති මත්ද්‍රව්‍ය නිවාරණ පුහුණු වැඩමුළුවක් අමතමින් අන්තරයකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, නිවාරණ, අධ්‍යාපන හා පුහුණු ප්‍රදීප් කොහොලානේගෙදර මහතා පැවසූවේ රට තුළ මේ වනවිට අයිස් මත්ද්‍රව්‍ය පාවිච්චිකරන්නන් ලක්ෂයක පමණ පිරිසක් සිටින බවට අනුමාන කරන බවයි.
ඊට අමතරව හෙරොයින් ඇතුළු මත්කුඩු පාවිච්චිකරන්නන් ලක්ෂයත්, එක්ලක්ෂ විසිදහසත් අතර ප්‍රමාණයක් සිටින බවට දත්තවලට අනුව පෙනී යන බවයි ඔහු සඳහන් කළේය.
නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසූවේ ශ්‍රී ලංකාව තුළ සංසරණය වන අයිස් මත්ද්‍රව්‍ය සහ හෙරොයින් මත්ද්‍රව්‍ය ප්‍රමානයන් පිළිබඳව ඉදිරිපත්වන දත්ත සම්පූර්ණ සාවද්‍ය විය යුතුයි හෝ එසේ නොවේනම් මෙම හසුවන මත්ද්‍රව්‍ය තොග වෙනත් රටවල් සඳහා ද යොමු කිරීමට අපේක්ෂාවෙන් ගෙන්වූ ඒවා විය යුතු බවයි.
Redirecting in a moment...
Tags:
News
