විමල් වීරවංශ අමාත්‍යවරයකු ලෙස කටයුතු කළ වසර 5ක කාලයක් තුළදී මිලියන 75කට අධික වත්කම් උපයා ගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහොසත් වී ඇත.
ඒ අනුව රුපියල් මිලියන 75කට අධික වත්කම් උපයා ගත් බවට චෝදනා කරමින් හිටපු අමාත්‍ය විමල් වීරවංශට එරෙහිව ගොනු කර තිබෙන නඩුවේ සාක්ෂි විභාගය ඔක්තෝබර් (22) යළි සිදු කිරීමට කොළඹ මහාධිකරණය අද (17) දින නියම කළේය.
2010 වසරේ සිට 2014 වසර දක්වා කාල සීමාව තුළ අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරමින් රුපියල් මිලියන 75කට අධික වටිනාකමකින් යුත් වත්කම් උපයා ගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහොසත් විමල් වීරවංශට එරෙහිව අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ඉදිරිපත් කර ඇත.
✅✅✅✅✅✅✅✅✅✅
Redirecting in a moment...
Tags:
News
