පුහුල්ගල කඳු රක්ෂිතය ගිනි ගනී අක්කර දහයකට වඩා විනාශයි


 බුත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් යුදගනාව පුහුල්ගල කඳු රක්ෂිතයේ ගින්නක් හටගෙන තිබේ.

ඊයේ (2) පස්වරුවේ ඇතිවූ ගින්න රාත්‍රි කාලය දක්වා රක්ෂිතය පුරා පැතිර ගොස් ඇති බව අද දෙරණ වාර්තාකරු පැවසීය. 

ඒ හේතුවෙන් රක්ෂිතයේ අක්කර දහයකට වඩා ගිනිගෙන විනාශ වී ඇති බව සඳහන් වේ.

ප්‍රදේශයට බලපා ඇති දැඩි වියළි කාලගුණය සහ සුළං තත්ත්වය හේතුවෙන් ගින්න වේගයෙන් රක්ෂිතය පුරා පැතිර ඇති අතර, ප්‍රදේශවාසින් එක්ව අද (03) අලුයම වනවිට ගින්න පාලනය කර තිබේ.



✅✅✅✅✅✅✅✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post