කිලිනොච්චියේ නිවසක බෝම්බයක් පිපි‍රෙයි


 කිලිනොච්චියේ, තට්ටුවන්කොට්ටි ප්‍රදේශයේ බෝම්බයක් පිපිරීමකින් පුද්ගලයින් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා ඇත.

මෙම පිපිරීමෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනා හදිසි ප්‍රතිකාර සඳහා කිලිනොච්චිය රෝහලට ඇතුළත් කර ඇත.

පුද්ගලයින් දෙදෙනෙකු විසින් අබලන් වු නිවසක කැණීම් කටයුතු කරමින් සිටියදී එම නිවසේ භූගතව තිබූ බෝම්බයක් පිපිරී යාමෙන් මෙම අනතුර සිදුව ඇත.

මෙම බෝම්බ පිපිරීමේ සිද්ධිය සම්බන්ධව කිලිනොච්චිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.



✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post