දරුණු අනතුරක් - පේරාදෙණිය සරසවි සිසුවා මියයයි


 පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ තුන්වන වසරේ සිසුවෙකු කඩුගන්නාව කොළඹ ප්‍රධාන මාර්ගයේ ඌරාපොළ හන්දියේ දී සිදුවූ අනතුරකින් එම ස්ථානයේදීම ජිවිතක්ෂයට් පත්ව ඇත.


මෙම අනතුර 28 දින රාත්‍රියේ සිදු වූ අතර අනතුරින් මියගොස් තිබෙන්නේ අරණායක පදිංචි තිවංක පියතිස්ස (24) නමැති සිසුවෙකි.

පොලිසිය පවසන්නේ මියගිය සිසුවා තම යතුරුපැදියෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයට පැමිණෙමින් සිටිය දී වාහන ප්‍රවාහනය කරන කැරියර් රථයක් හා ගැටීමෙන් අනතුරු සිදුවූ බවයි.


මෙහිදී පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මෘත දේහය පේරාදෙණිය ශික්ෂණ රෝහලේ තැන්පත් කර තිබෙන අතර කැරියර් රථය පැදවූ 25 හැවිරිදි රියැදුරු කඩුගන්නාව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.



✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post