බැකෝ සමන් හා තැඹිලි ලහිරු ඝාතන වැලක සුලමුල වමාරති


 ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට ගෙනෙන ලද සංවිධානාත්මක අපරාධකරුවන් පස්දෙනාගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී සාර්ථක ඵල නෙළා ගැනීමට බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය ‍මේවන විට සමත් වී ඇත.

මෙලෙස ගෙනෙන ලද කෙහෙල්බද්දර පද්මෙ,කමාන්ඩෝ සලින්ත සහ පානදුරේ කුඩු නිලංග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන ප්‍රශ්න කරද්දී බැකෝ සමන් සහ තැඹිලි ළහිරු ගෙන් ප්‍රශ්න කිරීම බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය විසින් සිදු කරන්නේය. මිද්දෙනිය තලාව ප්‍රදේශයේ වළ දමා තිබූ කන්ටේනර් දෙකක අයිස් මත්ද්‍රව්‍ය සෑදීම සදහා යොදා ගන්නා රසායනික ද්‍රව්‍ය කිලෝ 50,000ක් සොයාගන්නේද බැකෝ සමන්ගෙන් කළ ප්‍රශ්න කිරීම් මතය.මේ අතර විමර්ශන නිලධාර්න් බැකෝ සමන්ගෙන් සහ තැඹිලි ලහිරුගෙන් කළ දීර්ඝ ප්‍රශ්න කිරීමේදී මිද්දෙණිය ප්‍රදේශයේ සිදු කළ ත්‍රිත්ව ඝාතනයක් සහ ඇඹිලිපිටිය තෝරයාය වන රක්ෂිතයේ සිදු කළ තවත් ද්විත්ව ඝාතනය කඳ තොරතුරු අනාවරණය කරගෙන ඇත. 

ඒ අනුව ඉකුත් පෙබරවාරි මස 19 වැනිදා මිද්දෙණිය පොලිස් වසමේදී අරුණ විදාන සම්පත් හෙවත් මිද්දෙණියේ කජ්ජා සහ දරු දෙදෙනා ඝාතනය කිරීම මෙන්ම ඇඹිලිපිටිය තෝරයායේදී පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සුලමුල ද මේ වන විට එම අපරාධ කොට්ඨාසය විසින් අනාවරණය කරගෙන ඇත. මිද්දෙණිය කජ්ජාද හොඳ චර්තයක් ඇත්තකු නොවීය. ඔහු පසුගිය රජයේ දකුණේ ප්‍රබල දේශපාලන පවුලක සමීපතමයකු ලෙසද කටයුතු කළේය. පසුව ඔහු එම දේශපාලන පවුල සමග විරසක විය. මිද්දෙණිය සහ ඒ අවට පිරිස් කජ්ජා කවුදැයි හොදින් දැන සිටි අතර ඔහු සුදු ක්‍රීඩාවේ යෙදෙමින් මුදල් කොල්ලකෑම් වලට මෙන්ම අවි ළඟ තබා ගැනීමේ චෝදනාවන්ටද ලක්වූවකු විය. සිද්ධිය වූ දින කජ්ජා සිය දරු දෙදෙනාද සිය යතුරුපැදියේ නංවාගෙන මිද්දෙණීය ගල්පොත්තයායට පැමිණියේ දරුවන්ට රාත්‍රි ආහාරය ලබා ගන්නටය. එම අවස්ථාවේ එතනට පැමිණි නාඳුනන තුවක්කුකරුවෝ ඔහු මෙන්ම ඔහුගේ දරු දෙදෙනා වද වෙඩි තබා මරා දැමූහ.


කජ්ජා එතැනම මරු වැලඳගත් අතර දරුවන් බරපතළ තත්ත්වයෙන් රෝහල් ගත කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්විය. මෙය හිත්පිත් නැති මනුෂ්‍ය ඝාතනයක් විය. ඒ අහිංසක කුඩා දරු දෙදෙනාද නාදුනන්න තුවක්කුකරුවන් විසින් මරා දැමීම නිසාය. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ඇරැඹු වේ මිද්දෙණිය පොලිසිය විසින්ය. වෙඩි ප්‍රහාරය මැද මිය ගිය  කජ්ජාගේ සිරුර අසල තිබී මාංචු කුට්ටමක් සොයා ගැනීමත් සමඟ විමර්ශන නිළධාරීන්ට ඒ ගැන ඇති වුයේ දැඩි සැකයක්ය. ඒ එම මාංචු කුට්ටම් පොලිස් නිලධාරීන් භාවිත කරන මාවුවක් වූ නිසාය. එය කජ්ජා අතට පත්වූයේ කෙලෙසද යන්න සොයා ගැනීම සඳහා විමර්ශන සිදු විය.


සිද්ධිය සම්බන්ධයෙන් කළ දීර්ඝ විමර්ශනයෙන් පසු මුලින්ම අත්අඩංගුවට ගෙන තිබුණේ පොලිස් කොස්තාපල්වරයෙකි.

ඔහු තංගල්ල මුලස්ථාන පොලීසියට අනුයුක්තව රාජකාරි කළ අතර කොස්තාපල්වරයා අත්අඩංගුවට ගැනුනේ වීර කැටිය කැප්පෙටියාව ප්‍රදේශයේදීය. මාංචු කුට්ටම කජ්ජා අතට ලබා දී තිබුණේ ඔහු බවට නිලධාහු සැක පළ කරන්නට වූහ. ඉන් අනතුරුව පොලීසිය තවත් දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගත්තේය. ඔවුන් හිටපු හමුදා සෙබළුන්ය. කෙසේ වෙතත් කජ්ජා සහ දරු දෙදෙනා ඝාතනය කිරීම සර්මම්බන්ධයෙන් පුද්ගලයන් 10 දෙනකුගෙන් පමණ කළ දීර්ඝ ප්‍රශ්න කිරීමෙන් පසු කජ්ජා සහ දරු දෙදෙනාට වෙඩි තැබූ වෙඩික්කරු ද කොටු කර ගත හැකි විය. 42 හැවිරිදි ඔහු කටුවන ප්‍රදේශයේ පදිංචිකරුවකු විය. ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීමේදී අනාවරණය වන්නේ කජ්ජා ඝාතනයට ඔහු සමග  යතුරුපැදියෙන් ගිය පැදිකරු ඒ වන විටත් රටෙන් පලා ගොස් ඇති බවය. වැඩි දුරටත් කළ ප්‍රශ්න කිරීමේ දී අනාවරණය වන්නේ රුපියල් ලක්ෂ 5ක කොන්ත්‍රාත්තුවක් මත කජ්ජා ඝාතනය කළ බවය. කොන්ත්‍රාත්තුව ලබා දුන්නේ විදේශගතව සිටින බැකෝ සමන් බවද ඔහු නිලධාරීන්ට කීවේය. එහෙත් බැකෝ විදේශගතව සැඟව සිටීම නිසා ඔහු කොටු කර ගැනීමට නිලධාරීන්ට හැකි වූයේ නැත.


වෙඩික්කරුගෙන් වැඩි දුරටත් කළ ප්‍රශ්න කිරීමේදී වෙඩි ප්‍රහාරය සඳහා යතුරුපැදිය පැද වූ පුද්ගලයා හඳුනාගත හැකි වුවද ඔහුද ඒ වන විට සිටියේ රටින් පැනය. ඒ නිසා ඔහුද අත්අඩංගුවට ගැනීමට නොහැකි විය. කෙසේ වෙතත් මෙලෙස  විමර්ශන සිදුවෙද්දී පොලිසිය සොයමින් සිටි පැදිකරුද ඉකුත් අප්‍රේල් මස ඉන්දියාවේදී එරට පොලිසියට කොටු විය. ඒ ඉන්දියාවේ චෙන්නායි නගරයේදීය. ඔහු සම්බන්ධයෙන් මෙරට ආරක්ෂක අංශ දැනුවත් කිරීමෙන් පසු එම පුද්ගලයා කජ්ජා සහ දරු දෙදෙනා ඝාතනය සඳහා අවශ්‍ය අයකු බවට තොරතුරු ලබාදීමත් සමඟ ඉන්දීය රජය සැක්කරු එ රටින් පිටුවහල් කරනු ලැබීය. පසුව ඔහු මේ රට ගුවන් තොටු පොළේ දී අත්අඩංගුවට ගැනිණි. ප්‍රශ්න කිරීමේදී ඔහු නිලධාරීන්ට පවසා ඇත්තේ කජ්ජාගේ ඝාතනයෙන් පසු බැකෝ සමන්ගේ සැලසුම් මත යාපනයට ගොස් එතැනින් බෝට්ටුවක නැගී ඉන්දියාවට

පලාගිය බවය. දරුවන් සිටින බැවින් කජ්ජාට වෙඩි තැබීමට තුවක්කුකරු අදිමදි කරද්දී තුවක්කුකරු වෙඩි තැබීම සඳහා උනන්දු කර ඇත්තේ මොහු බව විමර්ශනයේදී හෙළිව තිබුණේය.කෙසේ වෙතත් එතැනින් එහාට කජ්ජා ඝාතනය ගැන කිසිදු තොරතුරක් පිටතට අවේ නැත.

එම ඝාතනය  යළිත් කරළියට එන්නේ බැකෝ සමන් සහ තැඹිලි ළහිරු  ඉන්දුනීසියාවේ සිට මෙරටට ගෙනැවිත් බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ නිළධාරීන් විසින් ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමත් සමඟය.


"සර් කෝටි ගාණක කුඩු ඌ පොලිසියට අල්ලලා දුන්නා. ඒකයි කජ්ජට ගැහැව්වේ. බැකෝ සමන් නිලධාරීන්ට එසේ පවසා ඇත. රුපියල් කෝටි 35ක් පමණ වටිනා බැකෝ සමන්ට අයත් හෙරොයින් තොගයක් පොලිසියට කොටු කර දීම කජ්ජා ඝාතනයට හේතුව වී ඇති බව ඒ අනුව අනාවරණය, විය. එමෙන්ම කේරළ ගංජා තොගයක් බලහත්කාරයෙන් ලබා ගැනීම සම්බන්ධයෙන්ද තවත් සංවිධානාත්මක අපරාධකරුවකු වූ 'දරුන් සහ කජ්ජා අතරද විරසකයක් ඇති වීම මීට තවත් හේතුවක් වී තිබිණි. මේ අතර මිද්දෙණිය  තේක්කවත්ත රක්ෂිතයේදී පසුගිය ජුනි මස 24 වැනිදා පුද්ගලයන් දෙදෙකු වෙඩ්ඩි තබා ඝාතනය කිරීමද බැකෝ සමන් සහ

තැඹිලි ලහිරුගේ මෙහෙයවීම  මත සිදු වූවක් බවට ද හෙළි වී ඇත. මැලේසියාවට පලා ගොස් සිටින 'අරන්' නමැති පාතාල අපරාධකරු විසින් දුන් කොන්ත්‍රාත්තුවකට අනුව සමන් සහ ලහිරු මෙම ද්විත්ව ඝාතනය විදේශගතව රැඳෙමින් මෙහෙයවා ඇතැයි කියැවේ. මෙම ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් බැකෝ සමන් සහ තැඹිලි ලහිරු ලබා දුන් තොරතුරු බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය විසින් තංගල්ල කොට්ඨාසයේ උසස් නිලධාරී ට දැනුම් දීමත් සමග එම ද්විත්ව ඝාතනය සිදු කළ වෙඩික්කරු සහ පැදිකරු අත් අඩංගුවට ගැනීමට තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන නිලධාරීන්ට පසුගියදා හැකි වී ඇත. අත්අඩංගුවට ගත් එම සැකකරුවන් දෙදෙනාද කෙහෙල්බද්දර පමගේ පාතාල කල්ලිය සමඟ සමීපව ඇසුරු කළ අය බව විමර්ශන නිලධාහු කියති.


මොවුන් දෙදෙනාගෙන් හෙළි කරගත් තොරතුරු මත මෙම ද්විත්ව ඝාතනය සඳහා උපයෝගි කරගත් විදේශීය රටක නිෂ්පාදිත උෂි වර්ගයේ ගිනි අවිය. 9mm වර්ගයේ පිස්තෝල අවියක්, මැගසිනයක්, ජීව උණ්ඩ 53ක් විදේශීය නිෂ්පාදිත ට්රාන් වර්ගයේ ගිනි අවියක්, එම ජීව උණ්ඩ 25ක්, ටී. 56 ස්වයංක්‍රිය අවිවලට යොදන ජීව උණ්ඩ 19ක්, පොලිසිය භාවිත කරන මාංචු කුට්ටමක්ද නිලධාරීන් විසින් සොයා ගෙන තිබිණි. අත් අඩංගුවටගත් සැකකරුවන් ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් දකුණු පළාතේ සිදු කළ තවත් වෙඩි තැබීම්වලට සම්බන්ධ දැයි සොයා විශ්න ආරම්භ කර ඇත. මොවුන් විසින් වෙඩි තබ් මරා දමා තිබුණේ ඇඹිලිපිටිය කුඹුක්ගොඩආර පදිංචි චමල් අබේසේකර සහ ඇඹිලිපිටිය, බෝගස්යාය පදිංචි කැලුම් තුෂාර යන දෙදෙනාය.

කීර්ති මෙන්ඩිස්



✅✅✅✅✅✅✅✅✅✅✅✅
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post