ඇල්ල බසය බ්‍රෙික් නැතිවත් ලොකු ගියරයක ගිහිල්ලා


 ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ 12 කණුව ප්‍රදේශයේ දී 15 දෙනකුට මරු කැඳවා  18 දෙනකුට තුවාල සිදුකරමින් අනතුරට පත් විනෝද චාරිකා බස්‍  රථයේ අනතුරට හේතුව වී ඇත්තේ බසයේ තිරිංග පද්ධතියේ දෝෂයක් මෙන්ම රියැදුරු බසය අධික පල්ලමේ හතරවන ගියරයේ ධාවනය කර ඇති බවට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ විශේෂ  කණ්ඩායමක්  දැනට සිදු කර ගෙන යන පරීක්ෂණ  කටයුතු වලින් අනාවරණය කරගෙන තිබේ.

බසයේ ගියර් පෙට්ටිය ගලවා පරික්ෂා කිරීමේදී  බස්‍ රථයේ රියැදුරු අනතුර සිදුවන අවස්ථාව වනවිට විනෝද චාරිකා  බස්‍ රථය ඇල්ල වැල්ලවාය මාර්ගයේ පල්ලමේ හතරවන ගියරයේ ධාවනය කර ඇති බවත් , බස්‍ රථයේ තිරිංග පද්ධතියේ දෝෂයක් කලක සිට තිබු බවටත් දැනට කළ පරීක්ෂණ කටයුතු වලින් පෙනී ගොස් ඇති බවත් එම නිලධාරීහු පවසති.

තංගල්ල නගර සභා සේවක පිරිසක් සිය පවුලේ උදවිය සමඟ නුවරඑළිය විනෝද චාරිකාවක ගොස් ආපසු තංගල්ල බලා ගමන් කරමින් සිටියදි ඉකුත් 4 වනදින රාත්‍රි ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ 12 කණුව ප්‍රදේශයේ දී   ප්‍රපාතයකට පෙරැළී මෙම අනතුර සිදුවිය.



✅✅✅✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post