නන්පේරියල් රක්ෂිතයේ ගින්න නිවීමට යුද හමුදාවේ දැඩි උත්සාහයක්


 බලංගොඩ නන්පේරියල් රක්ෂිතයේ හටගත් ගින්න පාලනය කිරීම සඳහා යුද හමුදා සහායද ලබාගෙන ඇති බව "අද දෙරණ" වාර්තාකරු පවසයි.

දින කිහිපයක සිට හටගෙන ඇති මෙම ගින්න හේතුවෙන් මේ වනවිට අක්කර දහසකට වැඩි ප්‍රමාණයක් විනාශ වී ඇති බව සඳහන්ය.

ගින්න නිවාදැමීම සඳහා යුධ හමුදාව, රත්නපුර දිස්ත්‍රික් ආපදා අංශය එක්ව කටයුතු කරමින් සිටී.

ප්‍රදේශයේ පවතින දැඩි සුළඟ හේතුවෙන් ගින්න පාලනය කිරීමට අසීරු වී තිබුණි.

නමුත් අපකළ විමසීමකදී අප වාර්තාකරු පැවසුවේ, ගින්න යම්තාක් දුරට පාලනය කර ගැනීමට හැකිවී ඇති බවය.



Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post