අඩු ආදායම්ලාභී පවුල්වල සිසු දරුවන්ට ජනාධිපති අරමුදලින් ශිෂ්‍යාධාර


 ජනාධිපති අරමුදල මගින්, මහයියාව ප්‍රදේශයේ ආර්ථික අපහසුතා ඇති පවුල්වල පාසල් දරු දැරියන් සඳහා ශිෂ්‍යාධාර ලබා දීමේ වැඩසටහනක් කථානායක ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්  මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ඊයේ (14) පැවැත්විණි.

මහයියාව පුර්ණවත්ත බටහිර ග්‍රාම නිලධාරී වසමට අයත් ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම අරමුණු කර ගනිමින් 2025 මැයි 31 දින  ජනාධිපති අරමුදලේ නිලධාරින් විසින් සිදු කරන ලද ක්ෂේත්‍ර පරීක්ෂණයේදි සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සුදුසු බව නිරීක්ෂණය වූ අතර එහි එක් පියවරක් ලෙස පාසල් දරුවන් සඳහා ශිෂ්‍යාධාර ලබා දීමේ වැඩසටහන ක්‍රියාවට නැංවිණි.

එහි පළමු අදියර යටතේ සිසු සිසුවියන් 28 දෙනෙක් සඳහා ශිෂ්‍යාධාර ලබා දී‌ම මෙහිදී සිදු විය.



✅✅✅✅✅✅✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post