තමන්ගේම ගිනි අවිය පත්තු වී තිදරු පියා මරුට


 වලස්මුල්ල රදනිආර ප්‍රදේශයේදී පුද්ගලයකු සිය යතුරුපැදියේ ඉදිරිපස කොටසේ කොටන ලද තුවක්කුවක් තබාගෙන ගමන් කරමින් සිට ඇති අතර එම තුවක්කුව ක්‍රියාත්මක වීම හේතුවෙන් ඔහු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 32ක් වන තිදරු පියෙකි.

ඔහු තුවක්කුවට අමතරව නීති විරෝධී මත්පැන් පෙරීමට ගන්නා බැරලයක් ද යතුරුපැදියේ තබාගෙන ගොස් ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් වලස්මුල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.


✅✅✅✅✅✅

Post a Comment

Previous Post Next Post