සීගිරි කැඩපත් පවුර කුරුටු ගෑ තරුණිය රිමාන්ඩ්


 ලෝක උරුමයක් වූ සීගිරි කැඩපත් පවුරට හානි වන ලෙස කුරුටු ගෑ තරුණිය ලබන 26 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කර තිබේ.

අදාළ තරුණිය අද (15) දඹුල්ල දිසා විනිසුරු නිලන්ත විමලරත්න මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය කළ බව "අද දෙරණ" වාර්තාකරු පවසයි.

සීගිරියේ කැටපත් පවුරේ කොණ්ඩ කටුවකින් ඉංග්‍රීසි අකුරු හයක් ලියු බවට සැකකපිට මෙම තරුණිය ඊයේ (14) අත්අඩංගුවට ගෙන තිබුණි. 

අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 21ක තරුණියක් වන ඇය තවත් කිහිප දෙනෙකු සමග සීගිරිය නැරඹීමට පැමිණි අවස්ථාවේ දී මෙම ක්‍රියාව සිදුකර තිබුණි.


✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post