කහටගස්දිගිලිය පොලිස් වසමේ බේත්තෑව ප්‍රදේශයේදී ඊයේ (14දා) සවස් කාලයේ වන අලියෙකු පහරදීම හේතුවෙන් පුද්ගලයෙකු මියගොස් ඇති බවට ලද තොරතුරක් මතකහටගස්දිගිලිය පොලිස් ස්ථානය විමර්ශන ආරම්භ කර ඇත.
මරණකරු වයස අවුරුදු 45 ක් වූ බේත්තෑව, කහටගස්දිගිලිය ප්‍රදේශයේ පදිංචි සිවිල් ආරක්ෂක භටයෙකි.
මරණකරු වගා කටයුතු සඳහා කුඹුරු ඉඩමක් සුද්ද කරමින් සිටින අවස්ථාවේදී මෙලෙස වන අලි ප්‍රහාරයකට ලක්ව ඇති බවට විමර්ශනයේදී අනාවරණය වි ඇත.
මෘත ශරීරය අනුරාධපුර රෝහලේ මෘතශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර කහටගස්දිගිලිය පොලිස් ස්ථානය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
✅✅✅✅✅
Redirecting in a moment...
Tags:
News
