"මායි මල්ලියි ඇදේ නිදාගෙන හිටියේ අම්මා ඇවිත් හැන්දෙන් කිරි දුන්නා කිරි තිත්ත නිසා මම එපා කිව්වා" දරුවන් තිදෙනාට වස දුන් මව


 උඩුදුම්බර, තලගුණේ ප්‍රදේශයේ දී මවක් විසින් තම දරුවන් තිදෙනාට වස පානය කිරීමට දී ඇයද වස පානය කර ජීවිතක්ෂයට පත්ව ඇත.

මෙසේ සියදිවි නසා ගෙන මියගොස් ඇත්තේ 32 හැවිරිදි කාන්තාවක් වන අතර, ඇය මානසික ආබාධයක් නිසා ප්‍රතිකාර ලබමින් සිටි අයෙකු වේ.

34 හැවිරිදි වියේ පසු වූ ඇගේ සැමියා ද මීට දින දෙකකට පමණ පෙර මියගොස් ඇති අතර ඔහු ලියුකේමියා රෝගයෙන් පීඩාවිඳිමින් සිටියදී මිය ගොස් ඇත.

ඔවුන්ගේ දරුවන්ද වයස අවුරුදු 12, 10 හා 5 වයස්වල පසු වන අතර ඔවුන්ද ලියුකේමියා රෝගයෙන් පීඩා විදියි. සිදුවීමෙන් මේ වනවිට දරුවන් තිදෙනාම යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසු වන අතර ඔවුන් උඩුදුම්බර ප්‍රාදේශීය රෝහලේ ප්‍රතිකාර ලබයි.

එයින් එක් දරුවකු පැවසුවේ,

"කෝප්පෙක තිබ්බේ හැන්දකින් මට පෙව්වේ.මායි මල්ලිලයි හිටියේ ඇදේ නිදාගෙන.අම්මා ඇවිත් ඇහැරෙව්වා.කිරි කියලා අම්මා දුන්නා.මම කිරි නෙමෙයි කියලා කටෙන් එලියට දැම්මා.කිරිවලට මොනවද දාලා තිත්ත රසක් ආවා.මම කිව්වා මේවා කිරි නෙමෙයි කියලා.ඊට පස්සේ අම්මා ඒවා බිව්වා.ඊට පස්සෙ අම්මා ඇදට වැටුණා."ලෙසයි.  

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post