කොළඹට යන අයට පොලීසියෙන් විශේෂ දැනුවත් කිරීමක්


 බත්තරමුල්ල සිට බොරැල්ල දෙසට සහ කොළඹ නගරයට ඇතුලුවන මාර්ගවල රථවාහන තදබදයක් හටගෙන ඇති බව වාර්තා වේ.

ඒ අනුව මෙම රථවාහන තදබදය ඇතිව ඇත්තේ පවතින වර්ෂාපතනය හේතුවෙන් බව පොලිසිය සදහන් කරයි.

එසේම මාර්ග දෙපස ගස් කඩා වැටීම් සහ අනතුරු ඇති විය හැකි බැවින් රිය ධාවනයේදී වඩාත් සැලකිලිමත් වන මෙන් පොලිසිය ජනතාවට දැනුම් දී තිබෙනවා.

මේ අතර අද දින කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුවෙන් නිකුත් කළ නිවේදනයේ සඳහන් වූයේ දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.

එයට බස්නාහිර සබරගමුව, මධ්‍යම, උතුරු සහ වයඹ පළාත් සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කත් ඇතුළත්.



✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post