බුවාලෝයි සුළි කුණාටුව වියට්නාමයට බලපාපු හැටි... ඒ ගැන ඇසෙන දුක්බර පුවත ....


 බුවාලෝයි සුළි කුණාටුව වියට්නාමයට කඩා වැදීමත් සමග එක් පුද්ගලයෙකු මියගොස් 12 දෙනෙකු අතුරුදන් වී තිබෙනවා.



මෙම සුළි කුණාටු අවදානම හේතුවෙන් ඊයේ වියට්නාමයේ දහස් ගණනක් වූ ජනතාව ආරක්ෂිත ස්ථාන වෙත යොමුකළා.

එමෙන්ම, මෙම සුළි කුණාටුව පැයට කිලෝමීටර 133ක වේගයකින් එරටට ඇතුලු වනු ඇති බවයි එරට කාලගුණ අංශ අනතුරු අඟවනු ලැබුවේ.

එසේම පවතින තත්ත්වය සලකා බලා වියට්නාමයේ ප්‍රධාන ගුවන්තොටුපළ වසා දැමීමටද කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

මීට පෙර පිලිපීනයට බලපෑ බුවාලෝයි සුළි කුණාටුව හේතුවෙන් දැඩි ජල ගැලීම් තත්ත්වයක් ඇති වී පුද්ගල මරණ 19 ක් වාර්තා වුණා.


✅✅✅✅✅
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post