බණ්ඩාරගම වැවක් ගොඩ කළ සජබ හිටපු මන්ත්‍රී අත්අඩංගුවට.!


 බණ්ඩාරගම වෑවිට වැවට ඒ බි සි ගල් යොදා අනවසරයෙන් ගොඩකිරීම සම්බන්ධයෙන් බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයකු සැකපිට අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය කියයි

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සමගි ජන බලවේගයේ නියෝජනය කළ මන්ත්‍රීවරයෙකි.

වැවෙහි මීටර් 8 ක් පමණ පළලින් සහ මීටර් 20ක් පමණ දිගින් යුත් කොටසක් ඒ බි සි ගල් යොදා ගොඩ කර තිබූ බව පොලිසිය සඳහන් කරයි.

එම ගොඩ කිරීම සම්බන්ධයෙන් කෘෂිකර්ම පර්යේෂණ නිලධාරී බන්ඩාරගම පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව සැකකාර මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන ඇත.


✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post