කැමරා පටිගතවීමේ පහසුකම නෑ.. රටම කැළඹූ ඇල්ල බසයේ ගැටුණු සුඛෝපභෝගී ජීප්රිය ගැන තවත් වෙනස් කතාබහක්..


 මේ සිදුවීමෙන් අහිමි වූ ජීවිතවල මතකයන් වගේම තවමත් ඒ සිදුවීම ගැන බොහෝ දෙනා කතාබහ කරනවා. 



ඒ මේ සිද්ධිය ගැන පර්යේෂණ තවමත් සිදුවෙන්මින් පවතින නිසා බව කිව යුතුමයි. එම බස් රථයේ ගැටුණු ජීප් රිය, ඒ ගැනයි මේ ඇසෙන විශේෂ කතාව,

ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ 15 කණුව ප්‍රදේශයේ දී 16 දෙනකුට මරණය ගෙන දෙමින් සිදුවූ බස් රථය ප්‍රපාතයට පෙරළීමෙට පෙර ගැටුණු සුඛෝපභෝගී ජීප් රථයේ ආරක්ෂක කැමරා පද්ධතියේ පටිගතවීමේ පහසුකම් නොමැති බව ජීප් රථයේ මෙරට අලෙවි සමාගම විසින් ඇල්ල පොලීසියට ඊයේ ලිඛිතව දැනුම් දී තිබෙනවා.

බස් රථය ජීප් රථයේ ගැටී ප්‍රපාතයට පෙරළුණු ආකාරය ගැන වැදගත් තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමේ අපේක්ෂාවෙන් පොලීසිය මෙම රථයේ කැමරා පද්ධතිය පරීක්ෂා කිරීමට තීරණය කරනු ලැබූ අතර, ඒ අනුව එහි පටිගත වී ඇති කැමරාවේ දර්ශන විමර්ශන සඳහා පොලීසිය අධිකරණ නියෝගයක් මඟින් ඉල්ලා සිටියා.

මෙම සුඛෝපභෝගී ජීප් රථය බොරලැස්ගමුව ප්‍රදේශයේ වාහන අලෙවි සැලකින් 2023 වසරේ දී එහි වත්මන් හිමිකරු විසින් මිලදී ගෙන තිබෙනවා. එම සුඛෝපභෝගී ජීප් රථයේ ආරක්ෂක සජිවී කැමරා හතරක් ඇති අතර එම කැමරා රථය පදවන රියැදුරුගේ පහසුව තකා ක්‍රියාත්මක වන බව ද එහි සඳහන් වී ඇතැයි පොලීසිය සඳහන් කළේ.

මෙම සුඛෝපභෝගී ජීප් රථවල ආරක්ෂක කැමරාවල පටිගත කිරීමේ පහසුකම් ලබා ගැනීමට නම් අදාළ වාහන හිමිකරු සමාගමෙන් ඉල්ලා සිටිය යුතු බවත්, එසේ ඉල්ලීමක් කළ හොත් පමණක් එම සුඛෝපභෝගී ජීප් රථයේ කැමරාවලට පටිගත කිරීමේ මෘදුකාංග සවිකරන බවත් අදාළ සමාගම දැනුම්දී තිබෙන බවයි පොලීසිය පැවසුවේ.

මෙම ජීප් රථය කෝටි 8ක බැඳුම්කරයක් මත එහි ලියාපදිංචි අයිතිකරුට භාරදෙන ලෙසට බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් ගැමුණු චන්ද්‍රසේකර පෙරේදා නියම කළා.

එසේම, ජීප් රථය අන්සතු නොකරන ලෙසත්, ජීප් රථයේ වර්ණය වෙනස් නොකරන ලෙසටත්, ජිප් රථය විකිණීම නොකරන ලෙසට ද බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් ගැමුණු චන්ද්‍රසේකර ජීප් රථයේ ලියාපදිංචි අයිතිකරුට තරයේ දැනුම්දී තිබෙනවා.

දිණමිණ පුවත්පත ඇසුරෙන්.. 
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post