මියගිය පියාව බලන්න වෙල්ලාලගේ යළි දිවයිනට

 

සිය පියාගේ අභාවය සැලවීමත් සමග ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ අද (19) උදෑසන කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණියේය.

ඔහු අබුඩාබි නුවර සිට අද උදෑසන 08.25ට ඉටිහාඩ් ගුවන් සේවයේ ඊ.වයි- 392 දරන ගුවන් යානයෙන් එලෙස දිවයිනට පැමිණ ඇත.

ඔහු සමග ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් කළමනාකරු මහින්ද හලංගොඩ මහතා ද පැමිණ සිටි අතර, ඔවුන් ඉතා ඉක්මනින් ගුවන් තොටුපොළෙන් පිටවී ගිය බව අප වාර්තාකරු පැවසීය.

දුනිත්ගේ පියා හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් ඊයේ (18) අභාවප්‍රාප්ත වූ අතර, ඒ වනවිට දුනිත් ඇෆ්ගනිස්තානයට එරෙහි තරගය ක්‍රීඩාකරමින් සිටියේය.



✅✅✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post