ජලයේ සුලබ වශයෙන් පැතිරෙන බවට හෙළිවෙයි.. මොළයේ සෛල විනාශ කරන ඇමීබා ආසාධනය ගැන ඇස් මවිතවෙන හෙළිදරව්වක්..


 මේ සිද්ධි‍ය ගැන අද බොහෝ විදෙස් මාධ්‍ය වාර්තා කළා. මේ වන විට ලෝකයේම අවධානය දිනාගත් මේ අවදානම ගැන දැනුවත් වෙන එක ඇත්තටම ඔබට වැදගත් වේවි. 



මොළයේ සෛල භක්ෂණය කරන නයිගීරියා ෆවුලේරි වර්ගයේ ඇමීබා ආසාදනයක් ඉන්දියාවේ කේරල ප්‍රාන්තයේ වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතිනවා

වසරේ ගතවූ කාලය තුළ මෙම ආසාදනයට ගොදුරුවූවන් 70ක් පමණ එම ප්‍රාන්තයෙන් සොයා ගෙන ඇති අතර, ඉන් 19 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා

ජලාශ, ගංගා වැනි උණුසුම් ජලයේ සුබල වශයෙන් පැතිරෙන මෙම ඇමීබාවන් නාසය හරහා මිනිස් සිරුරට ඇතුළු වන බවයි සොයා ගෙන තිබෙන්නේ

නාසය හරහා ශරීරයට ඇතුළු වන ඇමීබාව මගින් මොළයේ පටක විනාශ කරන බවයි සොයාගෙන ඇත්තේ

මෙම ආසාදනයට ලක්වූ රෝගීන් ගෝලීය වශයෙන් 500කටත් වඩා අඩු සංඛ්‍යාවක් වාර්තා වී ඇති නමුත් කේරළයේ පමණක් රෝගීන් 120කට අධික ප්‍රමාණයක් වාර්තා වී තිබෙනවා.


✅✅✅✅✅✅
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post