ගෙවී යන හැම දවසක්ම ඔබට විශේෂ දවසක් වේවි. ඉතින් දැනගන්න කැමතියිද මේ සතිය ගෙවී යන්නේ කොහොමද කියලා.
ඒ ගැන අවදානය යොමුකරන ඔබටයි මෙන්න මේ ආරංචිය. ඔබේ ලග්නය මොකක් වුණත් සතිය සැලසුම් කරන්න මේක නම් වැදගත් වේවි..
මේෂ
ගේ දොර අලුත්වැඩියාවක්
විශේෂ හිතවත්කමකට අවස්ථාව උදාවන සතියකි. මේ සතියේ සඳු ග්‍රහයා 4,5,6,7 යන භාව මතින් ගමන් කරයි.
ගෘහ ජීවිතය
ගේ දොර අලුත්වැඩියාවක් වෙනුවෙන් වෙහෙසෙයි. පොරොන්දු ගිවිසුමක් සාර්ථක කර ගැනීමට හැකිවන බවක් පෙනේ. අලුත් ඥාති සබඳතා ඇතිකරන සතියකි. සමිති සමාගම්වල නිලතල දැරීමට සිදුවෙයි. සතිය මැද කාලයේදී හිතවතෙකුගේ භෝජන සංග්‍රහයකට සහභාගිවීමට කටයුතු උදාකරයි.
රැකියාව
රැකියාවේ ඉදිරි සැලසුමක් වෙනස් කරයි. රැකියා ස්ථානයේ අය අතර හොඳ හිත දිනාගෙන කටයුතු සිදු කරයි. සුළු සුළු ස්වයං රැකියා මාර්ගවලටද අත ගැසීමට අවස්ථාව උදාකරන බවක් පෙනේ.
අධ්‍යාපනය
අලුත් දේ ඉගෙනීමට කටයුතු උදා කරයි. එමෙන්ම අලුත් පොත්පත්මිලදී ගැනීමකට අවස්ථාව සැලසේ. නව දැනුම සොයන මාර්ගවලට යොමුවෙයි. විදෙස් අධ්‍යාපනයක් වෙනුවෙන් සැලසුමක් ඇතිකර ගන්නා කාලයකි.
සෞඛ්‍යය
උෂ්ණාධික රෝගයකින් පීඩා අත් කරයි. එමෙන්ම වරින්වර හදිසි ප්‍රතිකාර පතන බවක් ද පෙන්නුම් කරයි. අජීර්ණ ආබාධයක් හේතුවෙන් පීඩා අත් කරන කාලයකි. වෙනදාට වඩා තමා ගන්නා ආහාරපාන ගැන සැලකිලිමත් වන්න.
අය 06 වැය 07
ජය අංකය – 02
ජය වර්ණය – නිල්
සුබ දවස – සිකුරාදා
වෘෂභ
හදිසි තීරණ අවාසිදායකයි
උදාවන මේ සතියේ සඳු ග්‍රහයා 3,4,5,6 යන භාව මතින් ගමන් කරයි.
ගෘහ ජීවිතය
ළඟම හිතවත් අයකු සමඟ ඇතිවන සිත් අමනාපයක් දුරදිග යයි. වැඩිහිටි උපදෙස් මත කටයුතු කිරීමට සිදුවේ. හදිසි තීරණයක් තමාට අවාසිදායක තත්ත්වයක් අත් කරයි. අලංකාරයට, විනෝදයට කැමැති කාලයකි. රහස් ගමනකට කටයුතු සූදානමක් ඇති කරයි.
රැකියාව
රැකියාවේ සැලසුම් කිහිපයක් වෙනස්කිරීමට සිදුවෙයි. පරම්පරාගත රැකියාවකට හිමිකම් ඇති කාලයකි. එමෙන්ම දෑතේ මහන්සියෙන් කරන රැකියා මාර්ගවලටද හේතු සැලසේ. ආහාරපාන, ඉවුම් පිහුම් කටයුතුවලට සම්බන්ධ රැකියා මාර්ගවලට හේතු යෙදේ. රැකියාවේ ස්ථාන වෙනසක් සිදුවිය හැකි කාලයකි.
අධ්‍යාපනය
තරගකාරි කටයුතු කිහිපයකට සම්බන්ධවීමට සිදුවෙයි. එමෙන්ම උසස් අධ්‍යාපන කටයුතුවලට යොමුවූ අයට වගකීම් බහුල කරයි. විශේෂ පාඨමාලාවක් හැදෑරීමට සිත යොමුකරන කාලයකි. අමතර භාෂාවක් ඉගෙනීමට වෙහෙසෙයි.
සෞඛ්‍යය
ශරීර වෙහෙස මහන්සිය ගෙන දෙන සතියකි. ශරීර අභ්‍යන්තරයේ ඇතිවන ආබාධ තත්ත්වයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. හදිසි වැටීම් තැලිම්වලට ඉඩ ඇති කාලයකි.
අය 06 වැය 03
ජය අංකය – 09
ජය වර්ණය – කොළ
සුබ දවස – බදාදා
මිථුන
අලුත් බලාපොරොත්තු ඇතිවේ
ලැබීම් සහිත කාලයකි. මේ සතියේ සඳු ග්‍රහයා 2,3,4,5 යන භාව මතින් ගමන් කරයි.
ගෘහ ජීවිතය
අලුත් බලාපොරොත්තු ඇති කරයි. යන එන ගමන් ගැන සැලකිලිමත්වන්න. පවුලේ ගැටලුවක් නිරවුල් කර ගැනීමට හැකිවෙයි. පොරොන්දු ගිවිසුමක් සාර්ථක කරන කාලයකි. සතිය මැද කාලයේදී අලුත් ඥාති මිත්‍රාදීන් දැන හඳුනා ගැනීමට කටයුතු සැලසෙයි. කැපී පෙනීමට, කීර්තියට කැමැති කාලයකි. උසස් අයගේ ඇසුරට කටයුතු සැලසෙන සතියකි.
රැකියාව
රැකියාවේ සැලසුම් කීපයක් වෙනස් කරයි. එමෙන්ම ඇවිදිලි වැඩිකරන රැකියා මාර්ගවලට හේතු ඇති කරයි. පාලක පක්ෂය සමඟ සුහදව කටයුතු කිරීමට අවස්ථාව උදා කරයි. බොහෝ දෙනා සම්බන්ධ කරගෙන කරන රැකියා මාර්ගවලටද හේතු සැලසෙන කාලයකි.
අධ්‍යාපනය
සාහිත්‍ය හා කලා අංශයෙන් විවිධ ජයග්‍රහණ හිමි කරයි. උසස් අධ්‍යාපනයට පැවති බාධා කිහිපයක් මඟහැරී යයි. විදෙස් අධ්‍යාපනයට සැලසුම් සකස්කර ගන්නා කාලයකි. සෞඛ්‍යය
ශරීර සෞඛ්‍යය පිළිබඳ විමසිලිමත්වන්න. හදිසි වැටීම් තැලීම්වලට ඉඩ ඇති කාලයක් බැවින් දුරදිග බලා කටයුතු කරන්න. සතිය මැද කාලයේදී ශරීර අභ්‍යන්තරය ඇතිවන අසනීප තත්ත්වයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි.
අය 07 වැය 04
ජය අංකය – 04
ජය වර්ණය – ළාදම්
සුබ දවස – ඉරිදා
කටක
අමතර වියදම් අධිකයි
වෙහෙසකාරී බවක් ඇතිකරන සතියකි. මේ සතියේ සඳු ග්‍රහයා 1,2,3,4 යන භාව මතින් ගමන් කරයි.
ගෘහ ජීවිතය
උත්සාහයෙන්, උනන්දුවෙන් කටයුතු කිරීමට සිදුවෙයි. කලබලකාරි ගතිපැවතුම් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි. අමතර වියදම් බහුල කරන කටයුතු කිහිපයක් යෙදේ. පවුලේ සමගියට බාධා ඇති කරයි. අසරණ කෙනකුට උපකාරයක් කිරීමට අවස්ථා උදා කරයි. අලුත් දැන හැඳුණුම්කම්වලට කරුණු උදා කරයි.
රැකියාව
රැකියාවේ කටයුතු සම්බන්ධ දුරදිග සිතා බලන්න. වෙහෙසීම් බහුල රැකියා මාර්ගවලට හේතු යෙදේ. වෙළෙඳ ව්‍යාපාර කටයුතුවලින් අමතර වාසි ගෙනදෙන කාලයකි. පිරිස් පාලන ක්ෂේත්‍රයේ රැකියා මාර්ගවලට හේතු ඇති කරයි.
අධ්‍යාපනය
මෙතෙක් බාධාකාරී ලෙස කරගෙන ගිය අධ්‍යාපන කටයුතු උත්සාහයෙන්, උනන්දුවෙන් කරගෙන යන කාලයකි. විශේෂ පාඨමාලාවක් හැදෑරීමට යොමුවන බවක් පෙනේ. වෙනදාට වඩා පොතපත කියවීමට කැමැත්තක් දක්වයි.
සෞඛ්‍යය
වරින්වර සෙම් දෝෂ, උගුර සම්බන්ධ ආබාධ මතුවීමට ඉඩ ඇත. එමෙන්ම රුධිරගත සීනි මට්ටම කෙරෙහිද සැලකිලිමත් වන්න. ව්‍යායාම් හා ආහාරපානවලින් ශරීර සෞඛ්‍යය ආරක්ෂා කර ගැනීමට උත්සාහ ගන්නා කාලයකි.
අය 07 වැය 04
ජය අංකය – 04
ජය වර්ණය – කොළ
සුබ දවස – බදාදා
සිංහ
ඉදිරි දියුණුවට පියවර
ඉදිරි කටයුතු පිළිබඳ සැලකිලිමත්විය යුතු සතියකි. මේ සතියේ සඳු ග්‍රහයා 12,1, 2, 3 යන භාව මතින් ගමන් කරයි.
ගෘහ ජීවිතය
පොරොන්දු ගිවිසුමක් සාර්ථක කරයි. තීන්දු තීරණ ගැනීමේදී දුරදිග සිතා බලන්න. දරුවකුගේ ඉදිරි දියුණුව වෙනුවෙන් පියවර කීපයක් ගැනීමට සිදුවේ. සතිය මැද කාලයේදී දානමය කටයුත්තකට වෙහෙසෙන බවක් පෙනේ. හදිසි ලැබීම් හිමි වුවත් වියදම් බහුල කරයි. අඹුසැමි සුහදතාවයට හේතු සැලසෙන කාලයකි.
රැකියාව
රැකියාවේ ඉදිරි දියුණුව වෙනුවෙන් විශේෂ පියවර කිහිපයක් ගැනීමට සිදුවෙයි. සුළු සුළු ලාභ හිමිකරන ස්වයංරැකියා මාර්ගවලට හේතු ඇති කරයි. වෙහෙසීම් බහුල රැකියා මාර්ගවලට හේතු සැලසේ. කලා ක්ෂේත්‍රයේ කටයුතු සම්බන්ධ රැකියා මාර්ගවලට හේතු ඇතිකරයි.
අධ්‍යාපනය
අලුත් දේ ඉගෙනීමට කටයුතු උදා කරයි. ගුරු දෙගුරුන්ගේ ප්‍රසාදයට පත්වන අන්දමේ කරුණු කිහිපයක් සිදුකරයි. උසස් අධ්‍යාපන කටයුතු හේතුවෙන් දුර පළාතකට යාමට සිදු කරයි.
සෞඛ්‍යය
නිතර නිතර ඇතිවන උදාසීන ගති, අතේ පයේ ඇතිවන හිරි ගතිය හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. රුධිරගත සීනි මට්ටම, අධිරුධිර පීඩනය කෙරෙහි සැලකිලිමත් විය යුතු බවක් පෙනේ.
අය 07 වැය 06
ජය අංකය – 09
ජය වර්ණය – කොළ
සුබ දවස – ඉරිදා
කන්‍යා
විශ්වාසවන්ත බැඳීමක්
සැලසුම් කිහිපයක් සාර්ථක කර ගැනීමට හැකිවෙයි. මේ සතියේ සඳු ග්‍රහයා 11,12,1,2 යන භාවමතින් ගමන් කරයි.
ගෘහ ජීවිතය
පවුලේ පැවැති ගැටලුවක් විසඳා ගැනීමට හැකිවෙයි. ළඟම හිතවතකුගේ භෝජන සංග්‍රහයකට සහභාගිවීමට අවස්ථාව උදා කරයි.
තැන තැන ඇවිදිලි වැඩිකරන සතියකි. නිතර වයසින් අඩු අය සමඟ ඇසුරට කටයුතු උදා කරයි. විශ්වාසවන්ත බැඳීමකට හේතු සැලසෙන සතියකි.
රැකියාව
රැකියාවේ කටයුතු කෙරෙහි පැවැති අවහිරතා කීපයක් මඟහැරී යයි. උගත්කමට සරිලන රැකියා මාර්ගවලට හේතු ඇති කරයි. වෙළෙඳ ව්‍යාපාර කටයුතුවලට සම්බන්ධ වූ අයට සුබදායකයි. එමෙන්ම දෑතේ මහන්සියෙන් කරන රැකියා මාර්ගවලටද හේතු යෙදෙන කාලයකි.
අධ්‍යාපනය
තරගකාරි කටයුතු කිහිපයකට සම්බන්ධවීමට සිදුවෙයි. දහම් අධ්‍යාපනික කටයුතුවලින් විශේෂ ජයග්‍රහණ හිමිකරයි. අමතර භාෂාවක් ඉගෙනීමට වෙහෙසෙන කාලයකි. ගණිත අංශයේ කටයුතුවලින් විශේෂ දක්ෂතා දක්වන බවක් පෙනේ.
සෞඛ්‍යය
මූත්‍ර අමාරු, ගර්භාෂගත ආබාධ වරින්වර මතුවීමට ඉඩ ඇත. තමා ගන්නා ආහාරපාන ගැන සැලකිලිමත්වන්න. හදිසි වැටීම් තැලීම්වලට ඉඩ ඇති කාලයක් බැවින් කල්පනාවෙන් පසුවන්න.
අය 06 වැය 06
ජය අංකය – 04
ජය වර්ණය – කහ
සුබ දවස – සිකුරාදා
තුලා
රැකියාවෙන් කැපී පෙනෙයි
අවිවේකී වුවත් සැලසුම් කිහිපයක් සාර්ථක කර ගැනීමට හැකිවෙයි. මේ සතියේ සඳු ග්‍රහයා 10,11,12,1 යන භාව මතින් ගමන් කරයි.
ගෘහ ජීවිතය
පිරිසුදුකමට අලංකාරයට කැමැති කාලයකි. දුරදිග සිතා බලා කටයුතු කිරීමට සිදුවෙයි. දරුලාභ අපේක්ෂාවෙන් සිටින අයට සුබදායකයි. සමාජසේවා කටයුතුවලට යොමුවන කාලයකි. අසරණ කෙනකුට උපකාරයක් කිරීමට අවස්ථාව උදා කරයි. ඉදිරි සැලසුමක් වෙනුවෙන් වෙහෙසෙන කාලයකි.
රැකියාව
රැකියා ස්ථානයේ අය අතර කැපී පෙනෙන කාලයකි. ආයතන ප්‍රධානීන්ගේ පැසසුමට ලක්වන කරුණු කීපයක් සිදු කරයි. වියදම් බහුල කරන රැකියා මාර්ගවලට හේතු ඇතිකරයි. ජලාශ්‍රිත කටයුතු සම්බන්ධ රැකියා මාර්ගවලට හේතු ඇති කරයි.
අධ්‍යාපනය
ගණිතයට, තාක්ෂණික කටයුතුවලට විශේෂ දක්ෂතා දක්වන කාලයකි. එමෙන්ම ඉගෙනීමේ කටයුතුවලට තරමක බාධා යෙදුණත් ප්‍රමාද වී හෝ ඉගෙනීමේ කටයුතු සාර්ථක කරගන්නා බවක් පෙනේ.
සෞඛ්‍යය
නින්ද යාම අඩුකම, පීනස වැනි සෙම් රෝග හිසට, පපුවට බලපාන්න ඉඩ තිබේ. වෙනදාට වඩා ජලය සම්බන්ධ කටයුතුවලින් ඈත්වීම යහපත් කරයි.
අය 07 වැය 05
ජය අංකය – 04
ජය වර්ණය – තැඹිලි
සුබ දවස – සඳුදා
වෘශ්චික
රැවටීම්වලට හසු නොවන්න
වගකීම් බහුල කරන සතියකි. මේ සතියේ සඳු ග්‍රහයා 9, 10, 11,12 යන භාව මතින් ගමන් කරයි.
ගෘහ ජීවිතය
පවුලේ ඉදිරි සැලසුමක් වෙනුවෙන් වෙහෙසෙන කාලයකි. වාහන ගනුදෙනුවකට කටයුතු සැලසුමක් ඇති කරයි. පැවැති වගකීමකින් නිදහස සැලසේ. පිනට දහමට ළැදි කාලයකි. විශේෂ හිතවත්කමකට කටයුතු උදා කරයි. රැවටීම් මුලාවීම්වලට හසුවිය හැකි කාලයක් බැවින් දුරදිග බලා කටයුතු සිදු කරන්න.
රැකියාව
රැකියාවේ කටයුතුවල වෙනස්කම් කීපයක් සිදු කරයි. හවුල් ව්‍යාපාරයකට අතගසන කාලයකි. ඇවිදිලි වැඩිකරන රැකියා මාර්ගවලටද හේතු සැලසෙන බවක් පෙනේ. දෑතේ මහන්සියෙන් කරන රැකියා මාර්ගවලට අවස්ථාව සැලසෙන සතියකි.
අධ්‍යාපනය
ධාරණ ශක්තිය බලවත් කාලයකි. දැනුම, බුද්ධිය මෙහෙයවා කරන කටයුතු අධික කරයි. විශේෂ පාඨමාලාවක් හැදෑරීමට යොමුවන කාලයකි. තාක්ෂණික අංශයේ කටයුතුවලින් විශේෂ ජයග්‍රහණ හිමිකරයි.
සෞඛ්‍යය
වරින්වර උරහිස සම්බන්ධ අමාරුවකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. හදිසි ප්‍රතිකාර පතා දුර පළාතකට යාමට කටයුතු සැලසෙයි. චර්මගත ආබාධයක් හේතුවෙන්ද පීඩාගෙන දෙන සතියකි.
අය 08 වැය 06
ජය අංකය – 02
ජය වර්ණය – කොළ
සුබ දවස – ඉරිදා
ධනු
අතමිට මුදල් ගැවසෙයි
වරින්වර අදහස් හා ක්‍රියාමාර්ග වෙනස් කරන සතියකි. මේ සතියේ සඳු ග්‍රහයා 8, 9, 10,11 යන භාව මතින් ගමන් කරයි.
ගෘහ ජීවිතය
වෙහෙසීම් බහුල කරයි. දේපළ සම්බන්ධ ගැටලුවකට මුහුණපායි. යන එන තැන කැපී පෙනෙන කාලයකි. ළඟම ඥාතියකුට උපකාරයක් කිරීමට කටයුතු උදා කරයි. විදෙස් ඥාති උපකාරයක් හිමිවීමට ඉඩ ඇත. සහෝදරයකුගේ කටයුතු හේතුවෙන් වෙහෙසීම් වැඩි කරයි. වෙනදාට වඩා අතමිට මුදල් ගැවසෙන බවක් පෙනේ.
රැකියාව
උගත්කමට සරිලන රැකියා මාර්ගවලට හේතු ඇති කරයි. රැකියාවේ තනතුරු හා ස්ථාන වෙනස්කම් බලාපොරොත්තුවන අයට සුබදායකයි. දරුවන්ට දැනුම ලබා දීමේ රැකියා මාර්ගවලට යොමුවන කාලයකි.
අධ්‍යාපනය
උසස් අධ්‍යාපන කටයුතුවලට පැවැති බාධාකාරි බව මඟහැරී යයි. වෙනදාට වඩා උත්සාහයෙන් හා උනන්දුවෙන් අධ්‍යාපන කටයුතු කරගෙන යන බවක් පෙනේ. විදෙස් අධ්‍යාපනයකට සැලසුමක් ඇතිකර ගන්නා කාලයකි.
සෞඛ්‍යය
ශාරීරික වෙහෙස මහත්සියට හේතු ඇති කරයි. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතු කරයි. කොන්ද ආශ්‍රිත ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන බවක් පෙනේ.
අය 06 වැය 04
ජය අංකය – 09
ජය වර්ණය – තැඹිලි
සුබ දවස – බ්‍රහස්පතින්දා
මකර
ගන්නා තීරණ සාර්ථක වෙයි
වගකීම් බහුල සතියකි. මේ සතියේ සඳු ග්‍රහයා 7,8,9,10 යන භාව මතින් ගමන් කරයි.
ගෘහ ජීවිතය
දුරදිග බලා ගන්නා තීරණයක් සාර්ථක කරයි. පවුලේ අය සමඟ දුරගමනකට සැලසුමක් ඇති කරයි. එහෙත් දේපළ උරුමහිමිකමකට බාධා ඇති කරයි. සිතේ චංචල ගතියකින් කටයුතු සිදුකරයි. සහෝදර සහෝදරියන් සමඟ එකමුතුව කටයුතු කිරීමට අවස්ථාව උදා කරයි. අවිවාහකයන්ගේ බලාපොරොත්තු ඉටු කරයි.
රැකියාව
රැකියා ස්ථානයේ කැපී පෙනෙන කාලයකි. මෙතෙක් අවහිරතා ඇතිකළ රැකියා ස්ථානයේ කටයුතු කීපයක් සාර්ථක ලෙස නිමාකර ගැනීමට හැකිවෙයි. සෞන්දර්යාත්මක කටයුතු සම්බන්ධ රැකියා මාර්ගවලට හිමිකම් ඇති කාලයකි.
අධ්‍යාපනය
සංගීතය වැනි කලා අංශයේ කටයුතුවලට වැඩිකැමැත්තක් දක්වයි. ධාරණ ශක්තිය බලවත්ය. නිතර පොතපත කියවීමට කැමැත්තක් දක්වයි. සහජ දක්ෂතා ඉස්මතු වන කාලයකි. විදෙස් අධ්‍යාපනයකට සැලසුමක් ඇති කරයි.
සෞඛ්‍යය
පරම්පරාගත රෝගයක් ඉස්මතු විය හැකි කාලයකි. වෙනදාට වඩා ජලය සම්බන්ධ කටයුතුවලින් පරිස්සම්වීම යහපත් කරයි. සතිය මැද කාලයේදී ඇසක ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි.
අය 07 වැය 05
ජය අංකය – 07
ජය වර්ණය – දම්
සුබ දවස – සඳුදා
කුම්භ
අන්‍ය ප්‍රශ්නවලට මැදිවෙයි
වෙනදාට වඩා සහයෝගයෙන් කටයුතු සිදුකරන සතියකි. මේ සතියේ සඳු ග්‍රහයා 6,7,8,9 යන භාව මතින් ගමන් කරයි.
ගෘහ ජීවිතය
අනුන්ගේ ප්‍රශ්නවලට මැදිහත්වීමට සිදුවන කාලයකි. වෙනදාට වඩා වගකීම් වැඩි කරයි. සිතේ චංචල ගතිය නිසා තීරණ ගැනීමේදී දුරදිග සිතා බලන්න. ගුප්ත ශාස්ත්‍රය ඉගෙනීමට කැමැත්තක් දක්වයි. ලියකියවිලි සම්බන්ධ ගැටලුවකට මුහුණපායි. සතිය මැද කාලයේදී ගේ දොර අලංකාරය වෙනුවෙන් වෙහෙසෙන බවක් පෙනේ.
රැකියාව
ඇවිදිලි වැඩිකරන රැකියා මාර්ගවලට හේතු යෙදෙන සතියකි. එමෙන්ම වෙනදාට රැකියාවේ වගකීම් වැඩිකරන බවක් පෙනේ. දෑතේ මහන්සියෙන් කරන සුළු සුළු ස්වයං රැකියා මාර්ගවලට යොමුවන කාලයකි.
අධ්‍යාපනය
ඥාන ශක්තිය බලවත්ය. දැනුම බුද්ධිය වර්ධනය වන කටයුතුවලට, පොතපත කියවීමට ආශාවක් දක්වයි. එමෙන්ම අලුත් පොත්පත් මිලදී ගැනීමකට අවස්ථාව උදාකරයි.
සෞඛ්‍යය
ශාරීරික වෙහෙස මහන්සිය ගෙන දෙන සතියකි. ශරීර අභ්‍යන්තරයේ ඇතිවන ආබාධ තත්ත්වයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. දණහිස සම්බන්ධ ආබාධයකට ද ප්‍රතිකාර ලබාගැනීමට සිදුවන බවක් පෙනේ.
අය 06 වැය 04
ජය අංකය – 02
ජය වර්ණය – කොළ
සුබ දවස – සිකුරාදා
මීන
ගනුදෙනුවකින් නිදහස
යොදාගත් සැලසුමක් වෙනස්කිරීමට සිදුවන සතියකි. මේ සතියේ සඳු ග්‍රහයා 5,6,7,8 යන භාව මතින් ගමන් කරයි.
ගෘහ ජීවිතය
තරමක කලබලකාරී ගතිපැවතුම් ඇති කරයි. දරුවකුගේ ඉදිරි සැලසුමක් වෙනුවෙන් පියවර කිහිපයක් ගැනීමට සිදුවේ. සමිති සමාගම්වල නිලතල දැරීමට සිදුවන කාලයකි. පැවැති ගනුදෙනුවකින් නිදහස්වීමට අවස්ථාව උදා කරයි. සතිය මැද කාලයේදී පවුලේ දානමය කටයුත්තක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවෙයි. තීරණ ගැනීමේදී දුරදිග සිතා බලන්න.
රැකියාව
රැකියාවේ ඉදිරි වැඩපිළිවෙලක් වෙනස් කරයි. තනතුරු ලාභ අපේක්ෂාවෙන් සිටින අයට සුබදායකයි. රැකියාවේ කටයුතු උදෙසා දුර පළාතකට යාමට සිදුවන සතියකි. අලුත් ව්‍යාපාර කටයුත්තකට අතගැසීමට අවස්ථාව උදා කරයි.
අධ්‍යාපනය
පොත්පත් කියවීමට කැමැත්තක් දක්වයි. උසස් අධ්‍යාපන කටයුතු හේතුවෙන් දුර පළාතකට යාමට සිදුවෙයි. තරග විභාගයකින් ජය අත්කරන කාලයකි. අමතර භාෂාවක් ඉගෙනීමට වෙහෙසෙන බවක් පෙනේ.
සෞඛ්‍යය
යටපත් වූ දතක අමාරුවක් නැවත මතු කරයි. රුධිරගත සීනි මට්ටම, අධිරුධිර පීඩනය කෙරෙහි සැලකිලිමත් විය යුතු කාලයකි. හදිසි වැටීම් තැලීම්වලට ඉඩ ඇති කාලයක් බැවින් දුරදිග බලා කටයුතු කරන්න.
අය 06 වැය 05
ජය අංකය – 04
ජය වර්ණය – කොළ
සුබ දවස – සඳුදා
සුබසෙත පුවත්පත ඇසුරෙන්..
