ළඟ සිටින ගැහැනියගේ ච‍රිත ලක්ෂණ ගැන හරියට දැනගන්න


 ගැහනුන්ගේ හෝ පිරිමින්ගේ දේහ ලක්ෂණවලින් ඒ ඒ අයගේ චරිතය ගැන කියවෙන බව ඔබ දන්නවාද? 



මේ දේහ ලක්ෂණ විද්‍යාවේදී බොහෝමයක් කතා කරන්නේ කාන්තා රූප සෝබාව ගැනයි. ඉතින් මේ කියන්න යන්නේ දුටු පමණින් කාන්තාවගේ මුහුණ තුළ කැපී පෙනෙන තවත් එක් ශරීර අංගයක් වන තොල් පෙති ගැනයි.

පුරාණයේ පටන් කවි පොත්වල පවා කාන්තාවන්ගේ තොල් පෙති ගැන වර්ණනා කර තිබෙනවා. ඒ විතරක් නෙවෙයි කාන්තාවන්ගේ තොල්පෙතිවලින් කියැවෙන තව බොහෝමයක් දේ පවතිනවා. මේ අන්න ඒ ගැන සටහනක්.

මධ්‍යම ප්‍රමාණයේ නා දලුව වැනි රක්ත වර්ණ අදර යුග්මයෙන් සුවිනීත ලලනාවක් පෙන්නුම් කරයි. එවන් ස්ත්‍රිය ලෞකික සම්පත් ලැබීමේ පින් බල ඇත්තියක් වේ. ඇය රාගාධික වුවත් තම ඉඳුරන් පාලනය කර ගැනීමේ ඇති හැකියාව නිසා තම ආත්ම ගෞරවය කෙලෙසා නොගන්නා අතර, ඍජු ප්‍රතිපත්තියක් ඇති ඇය මනුෂ්‍යත්වය හඳුනාගෙන කටයුතු කරන්නීය. කළු පැහැති තොල්වල තැනින් තැන සුදු පැහැති පැල්ලම් වැටී ඇත්තේ නම් ඒවා හඳුන්වනුයේ කබරතොල් යනුවෙන්. එම තොල් පිහිටීම සුබ නොවේ. එය අනේකවිධ ශාරීරික, මානසික පීඩා ඇතිවන පිහිටීමක් බව විශ්වාස කෙ‍රෙනවා.

රතුපාට තොල් ගැහැනියකට මෙන්ම පිරිමියකුට ද සුබඵල දෙන පිහිටීමක්. අන්‍යයන්ගේ ගරු බුහුමන් ලබන එවැන්නෝ ජීවිතය දෙස සර්ව ශුභවාදී ලෙස බලන්නන්ය. පිට පෙරළුණු ආකාරයේ තොල් ඇති පුද්ගලයන් ඔබ ඇසුරට පත්වුවහොත් පරෙස්සම් විය යුතුමයි. මිතුරන් ලෙස පෙනී සිට හතුරුකම් කරන එවැනි අය කෙරෙහි විශ්වාසය තැබිය හැකි නොවේ. පැළී ගිය ආකාර ලොකු ඉරි වැටුණු තොල්වලින් හිතුවක්කාර අයෙක් පෙන්නුම් කරයි. හරි හෝ වැරදි හෝ තමන්ගේම මතයෙහිම පිහිටා අවිචාරවත්ව කටයුතු කරන ඔවුහු අවිනිශ්චිත අනාගතයක් උරුම කරගන්නවා. එල්ලා වැටෙන විශාල යටි තොලද විනාශකාරී පිහිටීමක්. කාමාතුරයන් වන ඔවුන් තම ආශාවන් මුදුන්පත් කරගැනීමෙහි තිරිසනුන් මෙන් සැහැසි වෙයි. ස්ත්‍රී දූෂණ, බහු භාර්යා සේවනය වැනි දුසිරිත්වල ගැලුණු පුද්ගලයන් වැඩි දෙනකුට එවැනි තොල් පිහිටා ඇති බව නිරීක්ෂණ මඟින් හෙළිවී ඇත.

තොල් මත සියුම් ඉරි වැටී තිබීමෙන් ප්‍රදර්ශනය වන්නේ පරිත්‍යාගශීලි කාරුණික කාන්තාවක්.

හොඳින් වටකුරු වූ තද රතු පැහැති විශාල යටි තොලක් පිහිටා ඇත්තේ නම් ඇය අතෘප්තිකර කාමාශාවක් ඇති ගැහැනියක් ලෙස හඳුන්වා ඇති අතර, දුරාචාර ආකරයක් බඳු ඇය හැට හතර මායම් දන්නවා. සිහින් තොල් පෙති ඇත්තී කාරුණික මෙන්ම තැන්පත් ගතිගුණවලින් යුක්ත‍යි. ඉතා සුළු දෙයකින් පවා කෝප සහගත වීම ඇගේ එක් දුර්වලකමක්. උඩු තොලෙහි රෝම ඇතිවීම වැන්දඹු වීමේ ලකුණක් බව ඍෂිවරුන්ගේ මතයයි. නපුරු ගති ඇති එවැනි අය උදේ අවදි වූ විගස දැකීමට පවා නුසුදුසු බව පැරැන්නෝ විශ්වාස කළා. සිනාසෙන විට දෙතොල් අග වළ ගැසෙන කාන්තාවන් ඔබ දැක ඇති එය විනෝදකාමී යුවතියන් කෙරෙහි දැකිය හැකි සුබ ලකුණක්.

සියුම් කුඩා තොල් පිහිටි කාන්තාව කතාවට දක්ෂයි. ඉතා ඉක්මනින් ජනාදරයට පත්වන්නියක්. යමක් වහා තේරුම් ගැනීමේ ධාරණ ශක්තිය ඇයට හිමියි. සමාන්තරව දෙපසට විහිදු දසන් නොපෙනෙන සේ හොඳින් පියවෙන තොල් සඟලක් පිහිටන්නේ සංවේදී ජීවන ශෛලියක් ඇති පුද්ගලයන් වෙතය. පෞද්ගලික නිදහස බෙහෙවින් අගය කරන ඔවුනට මනා පෞරුෂත්වයක් ඇත්තේය. අන්‍යයන්ගේ ගෞරවය ආරක්ෂා වන අයුරින් හැසිරෙන එවැන්නන් තමන්ද අනභිභවනීය පුද්ගලයන් බව සිතා කටයුතු කරනවා. නිරතුරුව චිත්ත පීඩාවෙන් කල් ගෙවන අයගේ යටි තොලෙහි දකුණූු පැත්තේ හෝ ලප කැළලක් පිහිටන අතර එවැනි සලකුණු යටි තොලේ වම් පැත්තේ පිහිටියේ නම් ඔහු කපටි පුද්ගලයෙක් ලෙස හඳුනාගන්න. මෙබඳු පුද්ගලයන්ගේ තොල්වල බොහෝ විට උපන් ලප දිස් වෙන බව දැන ගත යුතුයි.

ඍෂිවරුන් ප්‍රකාශිත පරිදි උඩු තොලෙහි මස් නැටීමක් සිදුවීමෙන් මිත්‍ර ලාභයද යටි තොලෙහි සිදුවන මාංස චලනයෙන් සතුරන්ගේ විනාශයද විදහාපායි. උඩුතොල මත හූනකු වැටීමෙන් වස්තු විනාශයක් පෙන්නුම් කරනවා. හූනා වැටුණේ යටි තොල මත නම් එය වස්තු ලාභයට හේතුවකි. කපුටු ශාස්ත්‍රයෙහිද තොල් අමතක කර නැත. පුරුෂයකුගේ තොල්වලට කාකයකු මලපහ කළේනම් ඔහුගේ බිරියට විපත් ළඟා වෙන අතර ගැහැනියකගේ තොල් මතට කපුටකු පැහැරී නම් සැමියාට විපත් සිදු වෙන බව පැරණි පත පොතෙහි සඳහන් වෙනවා.

අන්තර්ජාලය ඇසුරෙන්.. 
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post