මාරක රිය අනතුරු දෙකක්


 දිවයින පුරා සිදුවූ මාරක රිය අනතුරු දෙකකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බව පොලීසිය පවසයි.

පොලීසිය පැවසුවේ මෙම රිය අනතුරු ඊයේ (07) දිනයේදී සිදුවූ බවය.

ඒ අනුව ඊයේ උදෑසන පොල්පිතිගම පොලිස් වසමේ කුඹුකුලාව ඉරුදෙනියාය මාර්ගයේ වව්ලෑව ප්‍රදේශයේදී යතුරුපැදියක් පැදිකරුට පාලනය කරගත නොහැකිව මාර්ගයේ ඇති බෝක්කුවක ගැටී අනතුරක් සිදුව තිබේ.

අනතුරින් යතුරුපැදිකරු ජීවිතක්ෂයට පත්ව ඇති අතර සිද්ධිය සම්බන්ධව පොල්පිතිගම පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත.

අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 43ක් වූ මැද උල්පත, පොල්පිතිගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

තවද කැස්බෑව පොලිස් වසමේ කැස්බෑව බණ්ඩාරගම මාර්ගයේ මාකන්දන ප්‍රදේශයේදී බණ්ඩාගම දෙස සිට කැස්බෑව දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කර ගත නොහැකිව පෙරළී ගොස් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි මෝටර් රථයක ගැටී අනතුරක් සිදුව තිබේ.

අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු පිළියන්දල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.

මියගොස් ඇත්තේ අවුරුදු 28ක් වූ ගාල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.



✅✅✅✅✅✅✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post