බස­යක නින්ද ගොස් රාත්‍රියේ වැරැදි තැනක බැහැලා සොරකු යැයි සිතා පහ­රදී FB දාලා -ලජ්ජා­වට පත් තරු­ණයා ගෙල වැල­ලා­ගෙන


 කොළඹ සිට වැලි­මඩ දක්වා ධාව­නය වූ බස­යක ගමන් කිරී­මේදී නින්ද ගොස් මහ රාත්‍රියේ වැරැදි ප්‍රදේ­ශ­යක බැස්ස අයෙ­කුට සොරකු යැයි සිතා ගම්වා­සින් විසින් පහ­රදී එය වීඩියෝ කර සමාජ මාධ්‍යයේ දැමීම නිසා ලජ්ජා­වට පත් අයකු ගෙල වැල­ලා­ගෙන සිය­දිවි නසා­ගෙන ඇතැයි පුස්සැ­ල්ලාව පොලී­සිය පව­සයි.

මිනි­සුන්ගේ වැරදි ක්‍රියා නිසා මෙසේ ජීවි­ත­යට සමුදී ඇත්තේ රොච්ච­යිල් වත්ත වයි.ආර්.සී. කොටසේ පදිංචි රාම­චන්ද්‍රං පුව­නේ­ස්ව­රන් (මුරලි) නමැති තිස් හතර හැවි­රිදි අවි­වා­හක අයකි.

මොහුගේ මව හා පියා මිය­ගොස් ඇති අතර, එකම සහෝ­ද­රිය විවාහ වී පිට ප්‍රදේ­ශ­යක පදිං­චි­යට යාම සමඟ මොහුද රැකි­යා­වක් සොයා කොළඹ ප්‍රදේ­ශ­යට ගොස් ඇති බව අනා­ව­ර­ණය වී ඇත.

තනිව ජීව­ත්වන මොහු නිවා­ඩු­වක් ලද විගස රොච්ච­යිල් වත්ත සිය නි‍ෙව­සට පැමි­ණී­මද සිදු කර ඇත්තේ සිය නෑයන් හා යහ­ළු­වන් හමු­වී­ම­ටය.

මේ ආකා­ර­යට පසු­ගිය 6 දින රාත්‍රියේ කොළඹ සිට පැමිණ ඇති මොහුට බසයේ නින්ද යාම නිසා බැසී­මට තිබූ රොච්ච­යිල් වත්ත ප්‍රදේ­ශය පසු­කොට බොහෝ දුරක් ගොස් නුව­ර­එ­ළිය මාර්ගයේ රම්බොඩ ප්‍රදේ­ශ­යේදී ඇහැරී බස­යෙන් බැස තිබේ.

ඒ වන විට රාත්‍රී දෙක පමණ වී තිබීම හා යළි නි‍ෙව­සට යාමට බස­යක් නොමැති නිසා රම්බොඩ ප්‍රදේ­ශයේ ආර්.සී. කොටසේ සිටින තම මවගේ නැඟ­ණි­ය. (පුංචි අම්මාගේ) නි‍ෙවස මතක් වී ඒ සඳහා යාමට පිටත්ව තිබේ.

වසර ගණ­නා­ව­කින් එම නි‍ෙව­සට ගොස් නොමැති මොහුට රාත්‍රියේ මාර්ගය අම­තක වීම නිසා හමුවූ නි‍ෙව­සක දොරට තට්ටු කර ඇත්තේ එම ඉසව්ව සොයා­ගැ­නීම සඳ­හාය. නමුත් එම නිවැ­සි­යන් මෙන්න හොරෙක් ගෙට ආවයි කෑගැ­සීම නිසා අවට පදිං­චි­ක­රු­වන් පැමිණ මොහු අල්ලා බැඳ පහර දී තිබේ.

තමාට සිදුවූ අක­ර­තැ­බ්බය කියා සිය පුංචි අම්මා හා බාප්පා ගැන කියූ පසු මෙම පිරිස ඔවුන්ද මෙම ස්ථාන­යට කැඳවා තිබේ. එම බාප්පා හා ඔහුගේ පුතුන් දෙදෙනා එම ස්ථාන­යට පැමි­ණි­යද අල්ලා­ගෙන සිටින පුද්ග­ලයා හඳු­නන්නේ නැති බව පැව­සීම නිසා මේ පිරිස මොහුට තවත් පහර දී කොත්මලේ පොලී­සි­යට භාරදී තිබේ.

කොත්මලේ පොලී­සිය මොහුගේ අන­න්‍ය­තාව හෙළි කර­ගෙන මොහු පැවසූ බාප්පා හා පුංචි අම්මා මොහුගේ ඥාතීන් බවද හඳු­නා­ගෙන පසුව රොච්ච­යිල් ප්‍රදේ­ශයේ ඥාතීන් හා යහ­ළු­වන් කැඳවා මොහු පිළි­බ­ඳව වෛද්‍ය පරී­ක්‍ෂ­ණ­යක්ද කොට සොර­ක­මක් අනා­ව­ර­ණය නොවූ­යෙන් පොලිස් ඇප දී ඥාතීන්ට භාරදී තිබේ.

ඒ අනුව මොහුගේ මිතු­රන් ත්‍රිරෝද රථ­ය­කින් මොහු යළි ගමට ගෙන­යන අත­ර­තුර මොහු දැඩි කල­කි­රී­මට පත්ව සිටි බව පැවසේ. ඒ පිළි­බ­ඳව අද­හස් දැක්වූ ඔහුගේ මිතුරු දිලිප් කුමාර මෙසේ පැව­සීය.

මුරලි රට ගිහි­ල්ලත් අවු­රුදු හතක් විතර ඉඳලා ආව කෙනෙක්. මෙයාගේ තාත්තාගේ මළ ගෙද­රට රට ඉඳලා ආවට පස්සේ ආයේ රට ගියේ නෑ. එයා බැන්දෙත් නෑ. තනි­වම තමයි හිටියේ. කොළඹ වැඩට ගිහින් එන­කොට තමයි මේ දේ වුණේ. එයාට මිනිස්සු ගහලා වීඩියෝ කරලා මුහු­ණු­පොතේ දැම්ම නිසා එයා ගොඩක් දුක් වුණා. ලජ්ජා­වට පත්වෙලා හිටියා. මම නිකම්ම හොරෙක් වෙලා රට­ටම ගියා කියලා එයා ලජ්ජා­වට පත්වෙලා හිටියේ.

ලජ්ජාව නිසා මම මොනවා හරි කර­ග­න්නවා කිවුවා. ඒත් අපි හිතුවේ නෑ මෙහෙම දෙයක් කර ගනී කියලා. මිනිස්සු හැම­දේම ෆේස්බුක් දාන නිසා නිවැ­රදි අයත් වැර­දි­කා­රයෝ වෙනවා. කොත්මලේ පොලිස් ස්ථානා­ධි­පති වජිර රත්නා­යක මහ­තාද පැව­සුවේ මොහු හොරෙකු බව පරී­ක්ෂ­ණ­ව­ලින් හෙළි නොවුණු නිසා පොලිස් ඇප දුන් බවයි.

කොත්මලේ හදිසි මරණ පරී­ක්ෂක ජින­දාස මහ­තාද සිද්ධිය වූ ස්ථාන­යට පැමිණ සිටි අතර පශ්චාත් මරණ පරී­ක්ෂ­ණය සඳහා සිරුර ගම්පොළ රෝහල වෙත යැවී­ම­ටද පිය­වර ගනු ලැබීය. එම පරී­ක්ෂ­ණය ඊයේ (8) සිදු­කි­රී­මට නිය­මි­තව තිබුණි.




ගම්පොළ – සුරංග දිල්හාන්

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post