ලොව සරසවි 1736 ක් පරදවා 3D සම්මාන දිනූ කැලණි සරසවියේ නීල්යා..!


 ත්‍රිමාණ සජිවිකරණය පිළිබදව පෙරටත් වඩා දැන් කතා බහට ලක් වි තිබෙනවා. ඒ නිසාම එම විෂයයට නැඹුරු වී සිටින ශිල්පීන් ප්‍රමාණය පවා ඉතා වැඩියි. ඒ වාගේම මේ විෂයට වෙනදාටත් වඩා කාන්තාව තුළ ඇති නැඹුරුවත් ඉහළයි.



පහුගිය දවසක කැලණිය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යාවකුත් මේ විෂයයෙන් ජාත්‍යන්තර සම්මානයක් ලබා ගත්තා. ඇය දඹුල්ල පහළ වැව පදිංචි, නාවුල ශ්‍රී නාග ජාතික පාසලේ ඉගෙනුම ලැබූ නීල්යා බණ්ඩාර. කැලණිය විශ්ව විද්‍යාලයේ පරිගණක හා තාක්ෂණ පීඨයේ ඇය ඉගෙනුම ලබනවා.

නීල්යා සම්මානයට පාත්‍ර වුණේ හොංකොං විශ්ව විද්‍යාලය සංවිධානය කළ ලොව රටවල් 96 ක ඇති විශ්ව විද්‍යාල 600 ක සිසුන් 1736 ක් තරග කළ ඇනිමේෂන් තරගයකින්. ඇය මෙම ත්‍රිමාන සම්මාන උළෙලකට ඉදිරිපත් කළේ එම විෂයයට අදාල කෙටි චිත්‍රපටයක්.

මේ අංශයෙන් තරග වැදුන ඇයට ප්‍රථම ස්ථානය හිමි වුණා. ඒ අනුව ඇයට ‘රේන්බෝ හොරයිසන්’ සම්මානය දිනා ගැනීමට අවස්ථාව ලැබුණා.

නීල්යා මේ සම්බන්ධව තම විශ්ව විද්‍යාලය ගැන වගේම උපකුලපති මහාචාර්ය නිලන්ති ද සිල්වාට හා පරිගණක හා තාක්ෂණ පීඨයේ ‍කථිකාචාර්ය නීල් කූරේටත් විශේෂ ස්තූතියක් පුද කළා. ඒ වාගේම තමන් වටා සිටිමින් උදව් උපකාර කළ මිතුරු මිතුරියන් හැම දෙනාවත් ඇය ආදරයෙන් මතක් කර තිබුණා.

ඇගේ මේ ජයග්‍රහනය අපේ රටේ සිටින ත්‍රිමාණ සජීවීකරණ ක්ෂේත්‍රයට ලැබුණු පන්නරයක් බවයි මේ විෂය දන්නා ප්‍රවීනයන්ගේ අදහස වී තිබෙන්නේ.


✅✅✅✅✅✅
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post