අම්පාර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකින් වාර්තා වූ හඳුන්කූරු පිරමීඩ ජාවාරම සම්බන්ධයෙන් තවත් ප්‍රදේශ කිහිපයකින් පැමිණිලි ලැබී ඇති බව පොලිසිය පවසනවා.
දැනට අම්පාර, දමන, උහන ඇතුලු ප්‍රදේශ කිහිපයකින් මෙම ජාවාරම සම්බන්ධයෙන් තොරතුරු වාර්තාවී ඇති අතර දකුණු පළාතේ බෙලිඅත්ත සහ තංගල්ල යන ප්‍රදේශවලින් ද මෙම ජාවාරමට හසුවූවන්ගෙන් පැමිණිලි ලැබී ඇති බවයි පොලිසිය කියා සිටියේ.
යම් පුද්ගලයෙකු විසින් මුල් අදියර යටතේ රුපියල් 50,000 ක වැනි මුදලක් අදාළ ආයතනයේ තැන්පත් කිරීමෙන් පසු හඳුන්කූරු පෙට්ටි දහසක් නිෂ්පාදනය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ලබාදී තිබෙනවා.
පසුව ඒවා නිෂ්පාදනය කර අදාළ ආයතනය වෙත ලබාදීමේදී රුපියල් 75,000 ක වැනි මුදලක් ලබාදී ඇති බව සඳහන්.
අනතුරුව එම ආයතනය විසින් ජනතාවට තැන්පත් කරන මුදල මෙන් දෙගුණයක් ද ලබාදීමටයි පියවර ගෙන තිබෙනවා.
ඉතාම සුක්ෂම ලෙස වංචා සහගතව මුළු පන්නල්ගම ගම්මානයද තොට්ටම, කුමන, බක්මිටියාව, හිඟුරාන, තිඹිරිගොල්ල, මඩවලලන්ද, එක්ගල්ඔය, උහන, අම්පාර, කොක්නහර, සියඹලාණ්ඩුව, වැල්ලවාය, මොනරාගල වැනි ප්‍රදේශවල ජනතාවද මෙම පිරමිඩ ජාවාරමාට හසුව තිබේ.
පන්නල්ගම ගම්මානයේම පමණක් ලක්ෂ 100 ක් තැන්පත් කරන ලද කිහිප දෙනකු සිටින අතර නිළ නොවන ආරංචි සඳහන් කරන්නේ මෙම ජාවාරම පවත්වාගෙන ගිය යුවළ විසින් කෝටි 200 ක පමණ මුදලක් ජනතාවට වංචා කර ඇති බවයි.
දැනට පිරිසක් දමන පොලිස් ස්ථානයේ පැමිණිලි දමා ඇති අතර විශාල වශයෙන් මුදල් ගෙවන ලද පිරිස් අම්පාර පොලිස් අධිකාරි කාර්යාලයේ වංචා විමර්ශන ඒකකයට පැමිණිලි කර තිබේ.
