අලුත් වාහන මිල ලක්ෂ 10-15 පහළ බහී.!


 වෙළෙඳපොළේ රුපියල් ලක්ෂ 100 ක වාහනයක මිල රුපියල් ලක්ෂ පහකින් පමණ අඩුවී ඇතැයිද, රුපියල් ලක්ෂ 200 ක වාහනයක මිල රුපියල් ලක්ෂ 10 ත් 15 ත් අතර මිලකින්ද අඩුවී ඇතැයිද වාහන අලෙවිකරුවෝ පවසති.

මෙරට තුළ වාහන අලෙවිය පහත බැසීම සහ ජපානයේ වාහන වෙන්දේසිවල වාහන මිල ගණන් අඩුවීම ඊට බලපා ඇතැයිද ඔවුහු සඳහන් කරති.

අලුත් වාහනයක් මිලදී ගැනීමේ අපේක්ෂාවෙන් සිටි බොහෝ දෙනකු මුල් මාස කීපයේදී වාහන මිලදී ගැනීම නිසා මේ වනවිට වාහන ඉල්ලුම අඩුවීමට බලපා තිබෙන බවද වාහන ආනයනකරුවෝ පවසති.

රජය විසින් වාහන ආනයනය සඳහා ඉකුත් ජනවාරි මස 28 වැනිදා අවසරය ලබාදුන්නේය

ඉකුත් අගෝස්තු මාසයේදී එක්සත් ජනපද ඩොලර් මිලියන 249 ක වාහන ආනයනය කර ඇති අතර, ජනවාරි සිට අගෝස්තු දක්වා කාලය තුළදී එක්සත් ජනපද ඩොලර් මිලියන 918 ක වාහන ආනයනය කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

අලුත් වාහන වෙළෙඳපොළට පැමිණීමත් සමග භාවිත කරන ලද වාහන සඳහා ඇති ඉල්ලුමද විශාල ලෙස පහත වැටී ඇතැයිද වාහන ආනයනකරුවෝ කියා සිටිති.


✅✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post