රැකියාවක් සොයන ඔබට අලුතින් රජයේ රැකියා 60,000ක්


 විවිධ ක්ෂේත්‍ර සඳහා තරුණ තරුණියන් හැටදාහක් පමණ අලුතින් බඳවා ගැනීමට අපේක්ෂා කරන බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය චන්දන අබේරත්න මහතා පැවසීය.

පසුගිය අයවැයෙන් තිස්දහසකට රැකියා අවස්ථා ලබා දීමට යෝජනා කෙරිණ.

එම ප්‍රමාණය ඉක්මවා හැටදහසක පමණ රැකියා ප්‍රමාණයක් ලබාදීමට රජය තීරණය කර ඇති බවද ඔහු සඳහන් කළේය.

මේ අතර කළමනාකරණ සේවා පත්වීම් 1890 ක් පසුගියදා දුන් බව පැවසූ අමාත්‍යවරයා රට පුරා තරග විභාග පවත්වා එම පත්වීම් දුන් බවද ප්‍රකාශ කළේය.

තරග විභාගවලින් තොරව හිතවත් කම් මතරැකියා නොදෙන බව චන්දන අබේරත්න මහතා වැඩිදුරටත් පැවසීය.


✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post