නව දෙළුම් විශේෂ දෙකක් හම්බන්තොටින් මතුවේ


 ලංකාවට හඳුන්වාදුන් නව දෙළුම් විශේෂ දෙකක් සාර්ථකව ඵලදාව ලබාගැනීමට හැකිවී තිබෙන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂිකා(පර්යේෂණ) එල්. ජි. අයි. සමන්මලී මහත්මිය පවසා ඇත.

‘’මලී පින්ක්’’, ‘’ලංකා රෙඩ් ‘’ නමින් හඳුන්වනු ලබන මෙම දෙළුම් විශේෂයන් පර්යේෂණයක් ලෙස අම්බලන්තොට රුහුණු පැලතවාන යටතේ අත්හදා සාර්ථක ලෙස මෙරට හම්බන්තොට ඇතුළු ප්‍රදේශ කීපයක වගාකළ හැකිබව අනාවරණය කරගෙන තිබේ.

නව දෙළුම් විශේෂ දෙකක් හම්බන්තොටින් මතුවේ  | New Pomegranate Species In Hambantota

කෘෂිකර්ම අමාත්‍යාංශයේ සහ කෘෂිකර්මනා දෙපාර්තමේන්තුවේ ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්ති සභාවේ ප්‍රතිපාදනයන්ට අනුගතව තමන් විසින් ලියන ලද පර්යේෂණ ව්‍යාපෘතියකට මෙම පර්යේෂණ සිදුකල බව ද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂිකා(පර්යේෂණ) එල්. ජි. අයි. සමන්මලී මහත්මිය පවසයි.

නව දෙළුම් විශේෂ දෙකක් හම්බන්තොටින් මතුවේ  | New Pomegranate Species In Hambantota

විශේෂයෙන්ම මෙම නව දෙළුම් විශේෂයන් මෙරට වගා කිරීම මගින් ඉන්දියාව ඇතුළු විදේශ රටවලින් මෙරටට ගෙන්වනු ලබන දෙළුම් ප්‍රමාණය අඩුකර ගැනීමට හැකි බවත් දෙළුම් විශේෂ වෙළදපොළට යැවීම මගින් විදේශ විනිමයන් ලබාගැනීමට හැකියාව ེ ඇති බව පර්යේෂකයින් මෙන්ම ඒ සදහා දායකවූ වගාකරුවෙකු වන ඩී. සමරනායක මහතා ප්‍රකාශ කර තිබේ

අම්බලන්තොට රුහුණු පැලතවානනේ හිමිකරු වන කෘෂි ව්‍යවසායක ඩී. සමරනායක මහතා පවසා ඇත්තේ මෙම දෙළුම් වගාව කිරීමට කැමති ව්‍යවසායකයින් සඳහා අවශ්‍ය දෙළුම් පැල මෙන්ම අවශ්‍ය දැනුම ද ලබාදීමට හැකියාවක් පවතින බවයි.



✅✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post