බිරිදට තර්ජනය කරපු කොස්තා­පල්ට වැඩ වැරදුන හැටි


 තම බිරිඳගේ ගෙල සිඳ, හිස පොලිස් ස්ථානය වෙත රැගෙන එන බවට තර්ජනය කළ බව කියන පොලිස් කොස්තාපල්වරයෙකු මැල්සිරිපුර පොලීසිය විසින් පෙරේදා (06) දින අත්අඩංගුවට ගෙන තිබේ.


ගලේවෙල පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන මෙම නිලධාරියා පිහියක් රැගෙන තමාට පහර දීමට උත්සාහ කරන බවට ඔහුගේ බිරිඳ විසින් පොලිස් හදිසි ඇමතුම් අංකය වන 119 වෙත කරන ලද දැනුම් දීමක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.


පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා මැල්සිරිපුර පොලිස් ස්ථානාධිපතිවරයා සහ කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිවරිය අවස්ථා දෙකකදී සැකකාර කොස්තාපල්වරයාගේ නිවසට ගොස් ඇතත්, එහිදී ඔහු ආවේගශීලීව හැසිරෙමින් ප්‍රකාශයක් ලබා දීම මෙන්ම පොලිස් ස්ථානයට පැමිණීමද ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ.


මෙම නිලධාරියා සහ ඔහුගේ බිරිඳ අතර මීට පෙරද පවුල් ආරවුල් සම්බන්ධයෙන් පැමිණිලි කිහිපයක් ලැබී ඇති බවත්, ගෘහස්ථ හිංසනය වැළැක්වීමේ පනත යටතේ ඔහුට එරෙහිව නඩුවක්ද පවරා ඇති බවත් මැල්සිරිපුර පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.


✅✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post