අඹුසැමි යුවළකට දිවි අහිමි කළ මාරක අනතුර


 හොරණ මොරගහහේන මාර්ගයේ, මොරගහහේන කනන්විල ප්‍රදේශයේ අද (04) දහවල් සිදුවූ රිය අනතුරකින් අඹු සැමි යුවළක් මියගොස් තිබේ.

මොරගහහේන දෙස සිට හොරණ දෙසට ගමන් කළ ලොරි රථයක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරු පැදියක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

අධික වේගයෙන් ධාවනය වූ යතුරුපැදිය පැදිකරුට පාලනය කර ගත නොහැකිව මාර්ගයේ ලිස්සා ගොස් අනෙක් මංතීරුවේ ධාවනය වූ ලොරි රථයේ ගැටී තිබේ.

ඉන් බරපතළ තුවාල ලැබූ යතුරුපැදියේ ගමන් කළ අඹුසැමි යුවළ රෝහල්ගත කරන විටත් මියගොස් සිටි බව පොලිසිය පැවසුවේය.


✅✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post