කාණුවක් තුළ දමා ගොස් සිටි බිළිදෙකු සොයා ගනී


 පිටකන්ද වතුයායේ පැරණි තේ කර්මාන්ත ශාලාව අසල කාණුවක් තුළ දමාගොස් සිටියදී  අලුත උපන් බිළිදෙකු සොයා ගෙන තිබේ.

කන්දේනුවර පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම බිළිදා සොයා ගෙන ඇත.

අදාළ බිළිදා මාතලේ මහ රෝහල වෙත භාර දීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.

මෙම දරුවාගේ භාරකරුවන් පිළිබඳව මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති අතර, කන්දේනුවර පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

මේ අතර ඉපළෝගම ප්‍රදේශයේ විශ්‍රාමික පවුල් සෞඛ්‍ය සේවිකාවකට අයත් නිවසක ඉදිරිපස පුටුවක් මත බෑගයක දමා තිබියදී මසක් වයසැති බිළිඳියක් හමු වී තිබේ.

එම බිලිඳිය නිකවැරටිය මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර ඇය නිරෝගී තත්ත්වයෙන් පසුවන බව වාර්තා වේ.


✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post