ලෙඩ්ඩුන්ට එන්නත් කටු නෑ රෝහල් ලෝක අමාරුවක


 වකුගඩු රෝගීන්ගේ රුධිර කාන්දු කරනය සඳහා යොදා ගන්නා එන්නත් කටු රජයේ රෝහල්වල නොමැති වීම මත එම එන්නත් කටු පෞද්ගලික ඖෂධ සැල්වලින් මිලදී ගැනීමට සිදුව ඇත.

නමුත් රුපියල් 100 කට වැනි මුදලකට තිබූ එම එන්නත් කටුවක් රුපියල් 760 ක් වැනි මුදලක් දක්වා ඉහල යාමෙන් රෝගීහු දැඩි අපහසුතාවයට පත්ව ඇත.


සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පැවසුවේ රජයේ රෝහල්වලට එම එන්නත් කටු ලබාදීම සඳහා ටෙන්ඩරය ලබා ගත් අදාල ආයතනය ප්‍රමිතියෙන් තොර එන්නත් කටු 400,000 ක් ආනයනය කිරීම හේතුවෙන් එම එන්නත් කටු ලබා ගැනීම ප්‍රතික්ෂේප කළ බවත් එම එන්නත් කටු හිඟය හේතුවෙන් අදාල එන්නත් කටු පෞද්ගලික අංශයෙන් මිළදී ගැනීම සඳහා මුදල් වෙන් කොටදී තිබෙන බවත් පැවසුවේය.


මෙම තත්ත්වය හමුවේ අදාළ ටෙන්ඩර්කරු පෞද්ගලික අංශයට ද එම එන්නත් කටු ලබාදීම සීමා කොට යම් හිගයක් මවාපා තිබෙන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතාගෙන් කළ විමසීමකදී පැවසීය.


කෙසේ නමුත් එම එන්නත් කටු වලින් යම් කිසි ප්‍රමාණයක් ඉදිරි 10 වෙනිදා වන විට ලැබෙනු ඇති බවත් එවිට මෙම ප්‍රශ්නය සමනය වනු ඇති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය. 



✅✅✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post